• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් රෝගයෙන් ස්වයං රැකවරණයට අවශ්‍ය වැඩපිළීවෙලක් සඳහා සාකච්ඡා කෙරේ

23 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් රෝගය තවදුරටත් පාලනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (23) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි.

නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇති මේ මොහොතේ නිවසට වී සිටින පිරිස් සදහා මෙන්ම කෝවිඩ් ආසාදිතව සහ ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අය සදහා අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක් සැකසීමට මෙහිදී අවධානය යොමු විය.

කෝවිඩ් 19 ආසාදනය වීමෙන් පැවැතිය හැකි රෝග ලක්ෂණ පිළිබදව තවදුරටත් දැනුවත් කිරීමට මෙන්ම රෝගය වැළදී ඇතැයි සැක සිතෙන අයට, දැනටමත් රෝගය වැළදී ඇතැයි තහවුරුව ඇති අයට සහ රෝගියෙකුගේ ලගම ආශ්‍රිතයෙකුට අවශ්‍ය කරන වෛද්‍ය උපදෙස් මාලාවක් සකස්කර බෙදා හැරීමට මෙහිදී යෝජනා විය.

එමෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ඇමතිය යුතු දුරකතන අංක, හදිසි අවස්ථාවකදී රෝහල්ගත වීම සදහා ඇමතිය යුතු දුරකතන අංක මෙන්ම නිවසේදී අනුගමනය කල යුතු පියවරයන් පිළිබදවද මෙමගින් දැනුවත් කිරීමට නියමිතය. නිවසේ හුදකලාව සිටින අය සදහා මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමට අවශ්‍ය කරන උපදෙස්ද ඇතුළත්ව මෙම උපදෙස් මාළාව සකස් කිරීමට නියමිතය.

මීට සමගාමිව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට සම්බන්ධිත ස්වයං රැකවරණ මෘදුකාංගයක් (Self Care App) මගින් නිවසේ සිටින අයට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිවැරදි මගපෙන්වීමක් සිදුකිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීමටද යෝජිතය. ඊට අදාල සැලසුම කැළණීය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කුමාර් මෙන්ඩිස් මහතා විසින් ඉදිරිපත් කරන ලදි.

ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ගැනීමට යායුතු ස්ථානයන් මොනවාද යන්න පිළීබදව ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් රාජ්‍ය අමාත්‍යවරිය, එවැනි පරීක්ෂණ සිදුකෙරෙන ස්ථානයන් පිළිබදව දැනුවත් කිරීමට ලැයිස්තුවක් සකස් කර ප්‍රසිද්ධ කළ යුතු බව මෙහිදී අවධාරණය කළ ඒ අනුව වැඩපිළිවෙලක් සකස් කිරීමට නියමිතය.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ප‍්‍රජා වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මී සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය ලාල් පනාපිටිය, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් (මහජන සෞඛ්‍ය 1) විශේෂඥ වෛද්‍ය ආනල්ඩ්, මහාචාර්ය කුමාර් මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

 

 

 

 

 

 

Self-care for Covid 19, A program to provide necessary advice and action Minister Sudarshini in a discussion with medical experts

A special discussion was held today (23) at the Ministry of Health under the patronage of Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Health Care, Epidemics and Covid Disease Control on the measures that can be taken to further control the rapid spread of Covid disease in Sri Lanka.

For those who are at home at the moment when the quarantine curfew has been imposed, as well as for those who are infected with Covid and are subject to self-quarantine, attention was drawn to formulate a special program to make the public aware of the required medical advice and actions to be taken.

It was proposed to further raise awareness of the possible symptoms of Covid 19 infection as well as to prepare and distribute a leaflet with medical advice to those who are 1) suspected to be infected, 2) those who have already been diagnosed with the disease and 3) a close associate of a patient. It will also provide information on telephone numbers for medical advice, telephone numbers for emergency hospitalization, as well as steps to be taken at home. This series of tips will be prepared for those who are lonely at home, including the tips needed to maintain good mental health.

At the same time, it is proposed to set up a program to provide guidance on how to take action at home through a Self Care App linked to the Ministry of Health website. The plan was presented by Prof. Kumar Mendis of the University of Kelaniya.

The Minister pointed out the need to make the public aware of the places where antigen testing is carried out. It was emphasized that a list should be prepared and published in the Ministry if Health web page to make people aware of the places where such investigations are being carried out.

Additional Secretary (Ministry of Health Public health Services) Dr. Lakshmi Somatunga, Deputy Director General (Medical Services) Dr. Lal Panapitiya, Deputy Director General of Public Health Services 2 Dr. Susie Perera, Deputy Director General PHS 1 Dr Arnold, Prof.Kumar Mendis participated in this discussion.

Post Views: 3
Previous Post

අභියෝග, බාධක පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් සහ යුතුකම් සමූදායක් තිබෙනවා – ජනපති

Next Post

සතිපතා ඔක්සිජන් ලිටර් ලක්ෂ 3 ක් ගෙන්න කැබිනට් අනුමැතිය

editor

editor

Next Post

සතිපතා ඔක්සිජන් ලිටර් ලක්ෂ 3 ක් ගෙන්න කැබිනට් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved