27 April 2024
#දේශීය

සතිපතා ඔක්සිජන් ලිටර් ලක්ෂ 3 ක් ගෙන්න කැබිනට් අනුමැතිය

මෙරට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

මේ වනවිට පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් සහ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය ඉහළයෑම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *