සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් යටතේ ක්‍රියාත්මක කෙරෙන සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම නැවතත් ආරම්භ කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ලෝක වසංගත තත්වය හමුවේ සංචාරක අලෙවි ප්‍රදර්ශන සඳහා සහභාගි වීම වසරක පමණ කාලයක් නවතා තිබිණි. ඒ ඒ රටවල් සඳහා සංචාරක ආකර්ෂණය ලබා ගැනීමේ අරමුණෙන් මෙවැනි ප්‍රදර්ශන වලට ලෝකයේ බොහෝ රටවල් සහභාගීවේ.
වසංගත තත්ත්වයත් සමඟ පසුගිය වසරේ පැවති කිසිදු සංචාරක ප්‍රදර්ශනයකට ශ්‍රී ලංකාව සහභාගි වූයේ නැති අතර නැවත සංචාරකයන්ට විවෘත කිරීමට ගත් තීරණයත් සමඟ නැවත මෙවැනි සංචාරක ප්‍රදර්ශන සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකාව තීරණය කළ අතර ඊයෙ (07) රුසියාවේ මොස්කව් නුවර එක්ස්ෆො සෙන්ටර් හි පැවැත්වෙන Otdykh Leisure 2021 ජාත්‍යන්තර රුසියානු සංචාරක ප්‍රදර්ශනයට සංචාරක සංවර්ධන අධිකාරිය ද එක්වූයේ ඒ අනුවයි.
27 වන වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් 21ක සංචාරක ප්‍රවර්ධන ආයතනවල හාරසිය පනස් දෙනෙකු සහභාගි වූහ . රුසියානු සමූහාණ්ඩුව ට අයත් රටවල් 41ක නියෝජිතයින් මෙන්ම චීනය කියුබාව ලාහෝරය අසර්බයිජානය ඊජිප්තුව ඇතුළු රටවල් 21කින් මෙම ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබුණි .
එහිදී මෙම ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කෙරුණේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනි.
මේ සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක නියෝජිත ආයතන 15ක් ද සහභාගී වූහ.
ඒ ඒ රටවල සංචාරක නැරඹුම් ස්ථාන, ස්වභාව සෞන්දර්ය, විනෝදාස්වාදය ලැබිය හැකි ස්ථාන ආදිය පිළිබඳව රුසියානු සංචාරකයන් දැනුම්වත් කර ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා තිබිණි
මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය,ගුවන් තොටුපල හා අපනයන සැකසුම් කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් sunil gunawardena සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු, ශ්‍රී ලන්කන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි ඇතුළු ශ්‍රී ලංකා නියෝජිතයින් සහභාගී වූහ.