මුවෙකු මරා මස් ප්‍රවාහනය කල සැකකරුවෙකු මත්තල, නාගරවැව ප්‍රදේශයේදී ඊයේ (20) සවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ කිලෝ 35 ක් පමණ මුව මස් ප්‍රමාණයක් මෙලෙස ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබු බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක් වු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මදුනාගල බිට්ටු වන කාර්යාලය වෙත ඉදිරිපත් කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.