• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා – රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ

22 September 2021
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙහි වැව් තාවුල්ල ගැන කතා කරන අය කරන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගැහීමක් බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසූයේ ඊයේ (22) දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වාද්දුව ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය. “ ගොවි ජනතාවත් හොඳින් අවබෝධ කර ගන්න ඕන සහතික මිලක් කියන්නේ එයිට වඩා අඩුවෙන් වී මිලදී ගන්න බැහැ කියන එක. දැන් උදාහරණයකට ගත්තොත් පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ වී මිල රුපියල් 32 යි 33 යි ජනතාවගේ හඳවතේ ගලේ කෙටුවාවගේ තියා ගත්ත නම් හොඳයි. යහපාලනය ගොවියා නැති භංගස්ථාන කරයි කියන එක, එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා වී වලට රුපියල් 50 ක සහතික මිලක් දුන්නා. පසු ගිය කාලේ නැවත වී මිල බස්සලා ගන්න කොට තමයි වී ටිකට නාඩු සඳහා රුපියල් 55 කුත්, සම්බා සඳහා 60 කුත්, කීරි සම්බා සඳහා රුපියල් 70 ක සහතික මිලක් දීල තියෙන්නේ. එතකොට එම සහතික මිලට වඩා වැඩි ගනනකට කවුරුහරි ගන්න ඉන්නව නම් ඒකෙ ගැටළුවක් කොහෙවත් නැහැ. ගොවියා ආරක්ෂා කර ගන්න තමයි සහතික මිලක් තියෙන්නේ. ඊට වඩා වැඩි ගනන් වලට ඕන කෙනෙකුට ගැනීමේ හැකියාව තියෙනවා. එතුමලා ඉතින් සාකච්ඡා කරන්න දෙයක් නැහැනේ මොනවද ඉතින් අර හම්බන්තොට වරාය හිටපු ජනාධිපති තුමාගේ කාලයේදී අපේ රටේ ආර්ථික මර්මස්ථානය සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මේ. මේ ගොල්ලො කරන්න තියෙන ඔක්කොම විනාශය රටට කරලා දැන් එක එක කඩාකප්පල්වකරී ක්‍රියා කරන්න හඳනවා ඇතුළෙ ඉඳන් එක නිසා මම මේවා ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න කැමති නැහැ. රටේ ජනතාව අවබෝධයෙන් ඉන්න එක තමයි විශේෂයෙන් තියෙන්නේ. එදා එළියෙ ඉඳන් කුමන්ත්‍රණ කරපු සමහරු අද ඇතුළෙ ඉඳන් කුමන්ත්‍රණ කරනවා මේ රටේ 2/3 ක ජන වරමක් ගොඨාභය මහතා ප්‍රමුඛ පොදු ජන පෙරමුණට ජනතාව දීල තියෙන්නේ වැඩ කරන්න. එම වගකීම අපි හරියට අරන් කරනවා. ආයෝජන රටට එන්න ඕනෙ එහෙම නැතුව අපේ රට දියුණු කරන්න බැහැ මේ රටේ රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න පුළුවන් රාජ්‍ය ආයතන ටික නැවත පණ ගන්වන්න පුළුවන් පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ගියොත් කියල මන් එදත් කියනවා අදත් කියනවා. අද දිනයේදී අපේ කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්යය කොටපිටියේ රාහුල නායක හාමුදුරුවන් බැහැ දකින්න මම පැමිණියා. ජාතික වශයෙන් කෙරෙන හැම කටයුක්තක දීම, හැමදාම මම උන්වහන්සේගේ අශීර්වාදය, මඟ පෙන්වීම, අවවාද උපදෙස් ලබා ගත්තා. අද දිනයේදී උන්වහන්සේ මේ ඇවිඳින මං තීරුව සම්බන්ධයෙන් අනුශාසනා කර සිටියෙ, විමසා සිටියේ මුලින්ම මේවාට අනුමැතීන් ටික ලබා ගත්තද කියලා. ඉතින් මම පැහැඳිලි කරලා දුන්නා. 2021 ජනවාරි මස මුල ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කලා. ඉන්පසු 10 වෙනිදා වෙන කොට මෙම සියළු අධ්‍යයන කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීල තියෙනවා, වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීල තියෙනවා, මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය දීල තියෙනවා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය දීල තියෙනවා. ඒවගේම නගර සභාවේ අනුමැතිය දීල තියෙනවා. ඒවගේම තෝපා වැව භාරව ඉන්නේ ඒ ප්‍රදේශය පූජනීය නගරයක් විදිහට අපේ අනුනායක හාමුදුරුවෝ, වෙඩරුවේ උපාලි හමුදුරුවෝ, උන්වහන්සේ පූර්ණ අනුශාසකත්වය අනුමැතිය දීල තියෙනවා. මේ කටයුතු ටික කරන්න. ඒ නිසා සියළුම අනුමැතීන් තියෙනව නම් කවුරු හෝ පුද්ගලයෙක් කකුලෙන් අඳිනව නම් ඒක අදාළ කර ගන්නේ නැතුව මෙවැනි කටයුතු සිදු විය යුතුයි කියන එක. උන්වහන්සේ අනුශාසනා කලේ දෙවැනි කාරණය අපිටත් පේන්න තියෙනවා මේ රටේ හොඳ වැඩ කරද්දී කකුලෙන් අඳින කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන එකයි කිව්වේ. ඒ නිසා හොඳ වැඩේට කවුරු හෝ කකුළෙන් අදින්න හැඳුවට ඒවාට නොබියව ඒ ඒ රාජ්‍ය වල සියළුම අනුමැතීන් තියෙනවනම් ඒක රජයේ ක්‍රියාවලිය නම් කරන්න තියෙන්නේ ඒ කටයුතු ටික ඉදිරියට කරගෙන යන්නයි. හිටපු ජනාධිපති තුමා කියනවා කෞතුක වස්තූන් සම්බන්ධයෙන්, ඉතින් කෞතුක වස්තූන් තමා අපි ආරක්ෂා කරන්න තියෙන්නේ. එය ආරක්ෂා කිරීමට තමයි එදා ජයසිරිමා බෝධිය ආරක්ෂා කරලා සංරක්ෂණය කරන්න කටයුතු කළේ. අදියරෙන් අදියර රුවන්වැලි සෑය අපි දන්නවා ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා තියෙන්නේ. අපිට වගකීමක් තියෙනවා.ඓතිහාසික සොළොස්මස්ථානයේ මාර්ග පද්ධති ඔක්කොම හදලා විදුලි පහන් ආලෝක කරලා ඒවා සංරක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම තමා මේ පරාක්‍රම සමුද්‍රය වේල්ල සංරක්ෂණයක් වෙන්නෙ මෙතන තවදුරටත් ශක්තිමත් වෙලා මහජනතාවට තවදුරටත් පරාක්‍රමබාහු රජතුමා කරපු ඒ මහා විශ්ව කර්මය අභිමානයෙන් දැක ගන්න ඒ පුංචි දරුවගේ ඉදල දෙමාපියන්ට මේ රටේ සියළු දෙනාටම අවස්ථාවක් ලබා දීම තමා එතනින් සිද්ධ වෙන්නේ. කෞතුක වස්තූන් විනාශ වීම ගැන කියන්න දෙයක් නැහැ එතුමලාගේ කාලේ ඉතින්. අද වැව් තාවුල්ලක් පොළොන්නරුවේ නැහැ. මේවායේ හෝටල් හඳල තියෙන්නෙ කවුද ගෙවල් හදල තියෙන්නේ කවුද, කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක තමා පැහැදිලි යථාර්ථය. කෞතුක වස්තූන් ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපතිතුමා හිතනව නම් එතුමා කරන්න ඕන එතුමලගේ ගෙවල් හෝටල් ඉස්සෙල්ලම අයින කර ගන්න එක තමයි මම දකින දෙය. ඒක නිසා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගැහීමක් තමයි සිද්ධ වෙන්නේ අපි ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන්නේ ඒ නිසා මේ රටේ ගොවි ජනතාවගෙන් මම ඉල්ලනවා දේශපාලන උප්පර වැට්ටි කුමන්ත්‍රණ වලට මේ රටේ ජනතාව මුලා වෙන්න එපා. ඒ වගේම තමයි මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබ තුමාලා බොහොම අවධියෙන් සිටින්න. කුමන්ත්‍රණකාරීන්ට ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මේ රට බෙදෙන්න යද්දි බෝම්බ පත්තු වෙද්දි ආර්ථික වශයෙන් විනාශ වෙද්දී මේ රට අරගත්තේ ඉදිරියට ගෙනියන්න. එම වගකීම හරියට කරල තියෙනවා යැයි ද, පැවසීය.

Post Views: 16
Previous Post

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ජනාධිපති ගෝඨාභය අමතයි

Next Post

රජය ‘බෝට්ටු කෘෂි රසායන ජාවාරමට‘ කරන ගමන් කාබනික වගාව සාර්ථකයි කියනවා – කිර්ති තෙන්නකොන්

editor

editor

Next Post

රජය ‘බෝට්ටු කෘෂි රසායන ජාවාරමට‘ කරන ගමන් කාබනික වගාව සාර්ථකයි කියනවා - කිර්ති තෙන්නකොන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved