• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපතිගේ කතාවයි රටේ ඇතුලේ වැඩයි පරස්පරයි – ජවිපේ විජිත කියයි

23 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයේදී ‘ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නැවත සිද්ධ වෙන්න දෙන්නේ නැහැ’ කියන සහතිකය ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාම ලබාදුන් ආකාරයටම රට තුළ එය භාවිතාවෙන් ඔප්පු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා අද (23) පැවැති මාධ්‍ය හමුවේදි පවසා සිටියේ පාස්කු දින සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදිව පරීක්‍ෂණ කරලා වින්දිතයන්ට යුක්තිය ඉටු කල යුතු බවයි.

ආගමික සංහිඳියාව, ජාතික සංහිඳියාව තුළින් ඉස්සරහට යන්න ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කියන අතරතුර ආණ්ඩුව වෙනුවෙන් පරණ යකඩ කෑලි එළියට දාලා තිබෙන අතර නිව්යෝර්ක්වල කථාව සහ සමහර අයව පාවිච්චි කරලා රට තුළ කරන ප්‍රකාශවල සම්පූර්ණ පරස්පරයක් තිබෙන බව හෙතෙම පැවසිය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය “පාස්කු ප්‍රහාරය සිද්ධ කර දැනට අවුරුදු දෙකයි, මාස පහක් ගෙවී තිබෙනවා. ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණු වින්දිතයන්ට යුක්තිය ඉටුකර නැහැ. චූදිතයන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළා. වෙනත් පරීක්‍ෂණ සිදුකළා. මේ ආණ්ඩුව බලයට පත්වීමට බලපෑ ප්‍රධානම සිදුවීම පාස්කු ප්‍රහාරයයි. තමන් බලයට පත්වුණූ පසු මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නිසි දඬුවම් දෙන බවට සහ එය වළක්වා නොගත් අයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව එදා පොරොන්දු දුන්නා. ජනතාව ඒ පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තැබුවා. අවුරුදු දෙකයි, මාස පහක් තුළ ඒ බලාපොරොත්තු බිඳ වැටී තිබෙනවා.

ප්‍රහාරය සිදුකළ අවස්ථාවේ කාදිනල්තුමා කටුවාපිටිය දේවස්ථානයට පැමිණ පීඩාවට පත්ව සිටි සියලු දෙනා සන්සුන් කරන්න මැදිහත් වුණා. ප්‍රහාරයත් එක්ක ප්‍රදේශයේ ජනතාව ප්‍රකෝප වෙලා ප්‍රතික්‍රියා දක්වන්න සූදානම්ව සිටියා. කාදිනල්තුමා පෞද්ගලිකව මැදිහත් වී පිරිස සන්සුන් කර ප්‍රහාරකයන්ට දඬුවම් ලබාදෙන්නත් වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නත් පොරොන්දු වුණා. මුළුමහත් රටවැසියා හමුවේ කාදිනල්තුමා බැරෑරුම් ඉල්ලීමක් කර කතෝලික ප්‍රජාව ප්‍රතික්‍රියා දැක්වීමෙන් වළක්වා ගත්තා. ප්‍රහාරයේ වාසි විවිධ කණ්ඩායම් ලබාගත්තත් කාදිනල්තුමා සද් චේතනාවෙන් මැදිහත් වී ඇතිවෙන්න ගිය ගැටුම්කාරී තත්වය වළක්වා ගත්තා. ජනතාව වෙනුවෙන් උන්වහන්සේ පෞද්ගලිකව වගකීම ගත්තේ යුක්තිය ඉටුකරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්. කතෝලික සභාවත් කෙටි කාලයක් තුළ මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගනීවි යැයි බලාපොරොත්තු වුණා. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සහ අනෙකුත් පරීක්‍ෂණවලින් බොහෝ කරුණු හෙළිදරව් වුණා. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව දින කිහිපයක විවාද පැවැත්වූවා. බොහෝ සැකමුසු තැන් මේ විවාදයේදීත් හෙළිදරව් වුණා. වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම, ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනය පැමිණ කළ පරීක්‍ෂණ, ඒ පරීක්‍ෂණවලින් හෙළිවූ කරුණු සහ වාර්තා අනුව සිදුකළ යුතුව තිබුණු පරීක්‍ෂණ ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා.

නමුත් එවැනි සංවේදී බැරෑරුම් කරුණු පිළිබඳව පරීක්‍ෂණ කටයුතු විධිමත්ව සිදුවුණු බවක් තවමත් මේ රටේ ජනතාවට පේන්නේ නැහැ. මේ සිදුවීම වළක්වා නොගැනීම පිළිබඳව තහවුරු වී තිබියෙදීත් එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පිළිබඳව ක්‍රියාමාර්ග තවම අරගෙන නැහැ. මේ ප්‍රහාරය මොන දේශපාලන අරමුණකින්, කාගේ වුවමනාව මත සිදුකරන ලද්දක්ද යන්න එළිකරගන්න අසමත් වී තිබෙනවා. මහ මොළකරුවා කවුද කියන ප්‍රශ්නය බරපතළව නැගෙන විට පොලිසිය භාර ඇමතිවරයා හදිසියේම නවුෆර් මව්ලවි තෝරා ගත් බව කීවා. මෙයින් වාසිය ගත්තේ කවුද යන්න තේරුම් ගතහොත් ප්‍රහාරය ගැන වගකිව යුත්තන් නිශ්චිතව හඳුනා ගත හැකියි. ඕනෑම පොඩි දරුවෙකුට වුණත් මේ බව පැහැදිලියි. කොමිෂන් වාර්තාවේ සහ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කරුණු හෙළිවී තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ වින්දිතයන්ට සාධාරණය, යුක්තිය ඉටු කිරීමය.

මේක කතෝලික ජනතාවගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවගේම ප්‍රශ්නයක්. අපේ රටේ ජාතික ආරක්‍ෂාව, බියෙන් සැකයෙන් තොරව ජීවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් නිසා අනාගතයේ එවැනි දෙයක් ඇතිවීම වැළැක්වීමට ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. ඒ සියල්ල පසෙකලා මේ ප්‍රශ්නය වෙනත් දිශාවකට තොරොම්බල් කරමින් තිබෙන බව අපිට පෙනෙනවා. ආණ්ඩුව විවිධ කණ්ඩායම් යොදවාගෙන නැවත ජාතිවාදය, ආගමික අන්තවාදය ඇවිස්සීම සිදුකරමින් සිටිනවා. ආණ්ඩුවේ සමහර පාර්ශ්වයන් විශේෂයෙන්ම කාදිනල්තුමා ඉලක්ක කර කරගෙන ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා. එය ජාතික සංහිඳියාවට තවත් තර්ජනයක්. පරීක්‍ෂණ නිවැරදි දිශාවට යොමු කරන්න සිදුකරන බාධාවක්. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් අතරමැදි කොටස් පරීක්‍ෂණවලට බාධා කරමින් සිටිනවා. පෞද්ගලිකව එදා මැදිහත් වුණු කාදිනල්තුමාගෙන් ජනතාව දැන් ප්‍රශ්න කරනවා. උන්වහන්සේ අසරණ වෙලා ඉන්නේ. ජනතාව ඉදිරියේ නිරුත්තර වෙලා ඉන්නේ. ඒ නිසා කාදිනල්තුමා නැවත වටයකින් මැදිහත් වීමක් සිදුකළා. මේ නිසා අතරමැදි කොටස් උපයෝගී කරගෙන ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා. එදා කාදිනල්තුමාගේ මැදිහත්වීම වාසියක් කරගත් අය අද උන්වහන්සේගේ මැදිහත්වීම ගැන ප්‍රහාර එල්ල කරනවා. මෙය ඉතාම ඛේදනීය කරුණක්.

නැවත මෙවැන්නක් ඇති නොවීමට වග බලාගැනීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයේදී ‘ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නැවත සිද්ධ වෙන්න දෙන්නේ නැහැ’ කියන සහතිකය ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාම ලබාදීම සම්බන්ධයනේ අපි සතුටු වෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජිවත් වීමට හැකි තත්වයක් පිළිබඳ බලාපොරොත්තුව ඔහු විසින්ම ලබාදීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් නිවැරදිව පරීක්‍ෂණ කරලා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමෙන් පමණයි නැවත මෙවැනි දෙයක් ඇතිවීම වළක්වා ගත හැක්කේ. ඒ නිසා තමන්ගේ බැරිකම වහගන්න වැහි කාලෙදී අකුණු වදින අවස්ථාවේ යකඩ කෑලි එළියට දානවා වගේ කාදිනල්තුමාට හෝ වෙනත් අයට විවේචන එල්ල කරලා වැඩක් නැහැ. ජාතිවාදය අවුස්සන කොටස් එළියට දානවා වෙනුවට මීට අදාළ පරීක්‍ෂණය නිවැරදිව කරන්න අපි බල කරනවා.
ලෝකය ඉදිරියේ ජනාධිපතිතුමා ඒ සහතිකය දෙනවා නම් රට තුළ එය භාවිතාවෙන් ඔප්පු කළ යුතුයි. ආගමික සංහිඳියාව, ජාතික සංහිඳියාව තුළින් ඉස්සරහට යන්න ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කියන අතරතුර ආණ්ඩුව වෙනුවෙන් පරණ යකඩ කෑලි එළියට දාලා තියෙනවා. ඔවුන් ජාතික සහ ආගමික සංහිඳියාවට බාධාකාරී ප්‍රකාශ කරනවා. නිව්යෝර්ක්වල කථාව සහ සමහර අයව පාවිච්චි කරලා රට තුළ කරන ප්‍රකාශවල සම්පූර්ණ පරස්පරයක් තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දුන් සහතිකවීම් යථාර්ථයක් බවට පත්කරන්න රට තුළ ක්‍රියාමාර්ග ගත යුතුයි. රට තුළ ජාතිවාදී කණ්ඩායම් අවුස්සා ප්‍රශ්නය වෙන පැත්තකට තල්ලු කරනවා වෙනුවට සැබෑවටම මෙය මෙහෙයවූ අය කවුද, ඔවුන්ගේ අරමුණ මොකක්ද කියන පරීක්‍ෂණ පවත්වා චූදිතයන්ට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙයට සාධාරණය ඉටු කළ හැක්කේ ඒ තුළින් පමණයි. පාස්කු ප්‍රහාරයට වසර දෙකයි මාස පහක් සම්පූර්ණ වන අවස්ථාවේ නැවත මෙවැනි දෙයක් ඇති නොවී ජාතික සංහිඳියාව ඇති කිරීමට ඉඩ නොතබන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. කතෝලික ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමා ප්‍රකෝපකාරී ප්‍රකාශ සිදුකර ගැටුම් ඇති නොකරන ලෙසටත් අපි ආණ්ඩුවට බල කරනවා. වින්දිතයන්ට යුක්තිය ඉටුකර සාධාරණත්වය ලබාදෙන ලෙසට අපි ආණ්ඩුවට බලපෑම් කරනවා.

Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

Next Post

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි – පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතයයි

editor

editor

Next Post

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුයි - පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ පොදු මතයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025

Recent News

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved