• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙවර අයවැය මහපොලොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් – මන්ත්‍රී වීරසිංහ

8 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙවර ඉදිරිපත් කරන අයවැය මහපොලොවේ පැල කරන්න පුළුවන්, මහපොලොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් අයවැයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.විරසිංහ මහතා පවසයි.

අද (08) පැවැති මාධ්‍ය හමුවේදි ඔහු පවසා සිටියේ අද විපක්ෂය ඇතුළු සියලු ආණ්ඩු විරෝධි කණ්ඩායම විසින් මේ මොහොත වන විටත් ආණ්ඩුව මේ රටේ ජනතාවට සහන නොදෙන බවත් මේ රටේ ජාතික සම්පත් විකුණන්න කටයුතු කරනවා කියලා ලොකු චෝදනාවක් එල්ල කරන බවයි.

එම මාධ්‍ය හමුවේදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය “අපි දන්නවා 2006 බලය ලබාගෙන 2015 දක්වා පැවති ආණ්ඩුව යුද්ධය ඉවර කරලා රට සංවර්ධනය කරලා රට එක මාවතකට ගෙකොට එදා ඒ කියපු බොරු ටික නැවත මේ කණ්ඩායම එකතුවෙලා මේ ආණ්ඩුව පෙරලන බලවේග සමඟ එකතුවෙලා කටයුතු කරමින් සිටිනවා. ගෝලිය වසංගතයක් බවට පත්වෙච්ච අවස්ථාවක විපක්ෂය කියනවා මේ වසංගත තත්වයට සම්පූර්ණයෙන් වගකියන්න ඕන ආණ්ඩුව කියලා. අද මේ කොරොනා වසංගතය අපේ රටේ හොඳට පාලනය කරනවා. අපි එන්නත්කරණය අතින් ලෝකයේ හොඳම රටවල් 10 අතරට පැමිණියා. අද කොරෝනා පාලනය කරලා මේ රටේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කරලා තිබෙනවා. මේ ඇත්ත දැන දැනත් විපක්ෂය අද බොරුවට ආණ්ඩුවට චෝදනා එල්ල කර කර සිටිනවා. පහුගිය ආණ්ඩුව පෙරලා අපි ආණ්ඩුව බලය ලබා ගන්න අවස්ථාවක මේ රටේ බදු පිට බදු ගහලා තිබුණා. අපි ඒ බදු සියල්ල ඉවත් කරපු නිසා තමයි ව්‍යාපාරකයින්ට තමන්ගේ ව්‍යාපාරික අවස්ථා කරගන්න පුළුවන් වුණේ. අද විපක්ෂය චෝදනා එල්ල කරාට ජාතික සම්පත් විකුණනවා, ආර්ථිකය කඩා වැටිලා කිව්වට අපි මතක් කරන්න කැමති අපි එදා ආරක්ෂා කරලා දුන්න රට 2015 දි අරගෙන රටම විනාශ කළා. අපි ආයෝජනයක් කරලා තිබෙනවා. ඇමරිකන් ආයෝජන එක්ක 40% කොටස් ප්‍රමාණයක් දිලා තිබෙනවා. එවකට හිලව්වක් විදිහට අවුරුදු 15 ට පසු ඒ ටැංකි සියල්ල අපිට නැවත අයිති වෙනවා. හැබැයි අපි හදපු හම්බන්තොට වරාය චීනයට විකුණුවේ අවුරුදු 99 දෙකකට යහපාලන ආණ්ඩුවයි. එම්.සී.ගිවිසුම යටතේ මේ රටේ ඉඩම් ටික, සම්පත් ටික දෙන්න තීරණය කරලා තිබ්බේ. අද අපි කොරෝනා සමඟ සටන් කරමින් මිනිස්සුන්ට සහන දෙන ගමන්, මේ රට සංවර්ධනය කරනවා. අපි පිළීගනන්වා යම් බඩු මිල වැඩිවීමක් තිබෙනවා. ගෝලිය වසංගතය තුළ අද මුළු ලෝකයේම ආර්ථික කඩා වැටිලා තිබෙනවා. මේක නොතෙරුණා සේ විපක්ෂය කටයුතු කරන්නේ.
අද පැන්ඩෝරා පත්‍රිකාව තුළින් විපක්ෂ චෝදනා රැසක් රාජපක්ෂවරුන්ට එල්ල කරනවා. රාජපක්ෂවරු හොරකම් කරලා නෑ. දුෂණයක් සිදු කරලා තිබෙනවා නම් ඒ අයට දඩුවම් දෙන්න , මාසයක් ඇතුලත වාර්තාවක් දෙන්න කියලා ජනාධිපතිතුමා නියෝගයක් දිලා තිබෙනවා. අපි මේ කොරෝනා පාලනය කරගනිමින් මේ රටේ ආර්ථික ගොඩනගමින් ජාතික සම්පත් ආරක්ෂා කරගනිමින් ඉදිරියටත් මේ රටේ ජනතාවට සහන දෙනවා. ඉතිහාසයේ පළමුවතාවට මේ රටේ ගමේ මිනිස්සුන්ගේ අදහස් 2022 වර්ෂයේ අයවැයට ඇතුලත් කරලා තිබෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිවරයා වශයෙන් එයට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා. ග්‍රාම සේවා වසමකට මිලියන 03 ක මුදලක් වෙන් කර ගමේ මිනිසුන්ගේ ජිවනෝපාය නංවන්න කටයුතු කරනවා. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා ඉවරයි.

අද මේ රටේ මහජන නියෝජිතයෝ පත්වෙලා සිටින පක්ෂ විපක්ෂ හැම මන්ත්‍රිවරයෙක්ටම තමන්ගේ කොට්ඨාශයේ ජනතාවට උදව් කරන්න ලක්ෂ 40 ක මුදල් වෙන්කරලා තිබෙනවා. ඒ වගේම දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට මිලියන 100 ක මුදලක් වෙන් කරලා තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට ගමේ ජනතාවගේ යෝජනාව 2022 අයවැයට ඉදිරිපත් කරලා තිබෙනවා. රටේ ජනතාවට සහන ලැබෙන, රටේ ජනතාවගේ මතය උඩට එන, මහපොලොවේ පැල කරන්න පුළුවන්, මහපොලොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් අයවැයක් කියා අපි විශ්වාස කරනවා.” යැයි මන්ත්‍රි ඩී.විරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

ගුරු මැණීවරුන්ට පියවරුන්ට වැද නමස්කාරව කියන්නේ ජාතියේ අනාගතය පාවා දෙන්න එපා – මන්ත්‍රී තිස්ස

Next Post

මට ඇමැතිකමක් ලැබෙන එක විශ්වාසයි – මන්ත්‍රී රෝහණ

editor

editor

Next Post

මට ඇමැතිකමක් ලැබෙන එක විශ්වාසයි - මන්ත්‍රී රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්

17 June 2025
රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

රහස් ඡන්ද පිටුපස ඩීල් තිබුණාද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර

17 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ඉන්ධන හිඟයක් ? අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

17 June 2025
ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

ඉන්දියානු නිල නිවසේදී ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ට පිළිගැනීමේ උත්සවයක්

17 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved