27 April 2024
#දේශීය

මට ඇමැතිකමක් ලැබෙන එක විශ්වාසයි – මන්ත්‍රී රෝහණ

තමාට යම් කිසි අමාත්‍යධුරයක් හිමිවිය යුතු බවට විශ්වාස කරන බවත් හැමදාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රැකිමට කටයුතු කළ බව ආණ්ඩු පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ මාතලේ ඇම්.සි පාරේ පිහිටි සිය කාර්යාලයේදි ඊයේ(08)දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා මෙසේද පැවසිය “මම හැමදාම පක්ෂයක් එහි නායකයනුත් රැක්ක කෙනෙක්.ඒ නිසා අපට යම් තනතුරක් හිමි විය යුතුයි.පවතින තත්වය මත ඒවා කෙසේ විසදේවිද දන්නෙ නැහැ.යම් විටෙක කලකිරිමකුත් ඇති වෙනවා.ඉදිරියේදි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ගෙන ඒමට නියමිත අය වැව විස්මිත අය වැයක් බවත් ගම සංවර්ධනය ඉල්ලක කරගෙන මේ සියලු යෝජනා ගෙන එන බවය.පසුගිය ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරය දැරු කාල වකවානුවේදි මේ රට ගොඩ නැගිමට ඒ මහතා කියා කලා.වැඩ බිමක්ව තිබු රට යහපලාන නඩය විසින් මුඩු බිමක් බවට පත් කළා.අද වන විට ගුරු වර්ජකයින්ට නිසි විසදුමක් දිලා තියනවා.ලබන අය වැයේදි යම් ප්‍රමාණයක ඔවුන්ගේ ඉල්ලිම් ඉටු වේවි.කොවිඩ් වසංගත තත්වය මේ පැතිර යාමට වඩාත්ව බැලපැවේ ගුරුවරුන්ගේ උද්ඝෝෂන රැල්ලයි.නැත්නම් මේ වන විට කොවිඩ් වංසගතය මේ රටින් තුරන්වෙලා.ඇතැම් ගුරු සංගම් නායකයින් විවිධ දේශපාලන පක්ෂවල රාජ්‍ය නොවන සංවිධානවල මුදල් මත මේ සිදු කරන උද්ඝෝෂනයන් සහ වැඩ වර්ජනය සිදු කරනවා.අපි කියනවා ඉදිරියේදි දෙමාපියන් විසින් මේ ගුරුවරුන්ට නිසි පාඩම් උගන්වාවි.මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් විදුහල්පතිවරුන් විසින් ව්‍යාජ ලෙස සංගම් හදාගෙන විදුහල්පතිවරුන්ට බලපැම් කරනවා.ඒ වගේම අපොස සමාන්‍ය පෙල සදහා ඉදිරිපත්වන පාසල් සිසුන්ගේ උපන් දින 1905 වසරේ ඉපදුන දරුවන් සිටින බවට අදාළ අයදුම්පත්‍ර පුරවා යවා තියෙනවා.මාතලේ නගරයේ ජනප්‍රිය පිරිිමි පාසලක මේ දේ සිදුවෙලා තියනවා.දැන් පාසල් 21 දින ආරම්භ කිරිමට යෝජිතයි.ඒ දිනයේදිත් පාසල් ආරම්භ ‍නොකොට කඩාකප්පල් කිරිමට වැඩපිළීවෙලක් දියත් කරමින් සිටින බවට තොරතුරු ලැබිලා තියනවා.ඉදිරියේදි පදනම් විරහිතව වැඩ වර්ජනයෙහි නිරත ගුරුවරුන්ට නිසි උත්තර දෙමාපියන් විසින් ලබා දෙයි.ඒ සදහා සියලු දෙනාම පෙල ගැසෙමින් සිටිනවා” යැයිද දිසානායක මහතා පැවසිය.

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *