• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක්

14 October 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සංවර්ධන ප්‍රමුඛතාවයන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැකියා සහ පාරම්පරික වෘත්තීන්හි නියැලෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරිණ.

භූ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සඳහා පැවති ක්‍රියාවලිය තුළ මහජනතාව, පෞද්ගලික ආයතන මෙන්ම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ද මුහුණ දුන් අසීරුතා මඟහරවා පරිසරය සුරකින පරිදි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම එම බලකායේ වගකීම විය.

එම ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ නව ක්‍රමවේද පිළිබඳ උපදෙස් අඩංගු “ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය”ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන් කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේඛය මගින් නියෝග කර ඇත.

භූ සම්පත් කැණීම් කළ හැකි ස්ථාන පිළිබඳ කල් ඇතිව හඳුනාගැනීම, ඒවා සිතියම් ගත කිරීම, එම භූ සම්පත් අයත්වන ආයතන හඳුනාගැනීම හා අවශ්‍ය නිශ්කාශන සහතික ලබාගැනීම වැනි කාර්යයන් ඒකීය ආයතන ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක විය යුතු බව භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය යෝජනා කර තිබේ. අදාළ වන සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන මෙතෙක් හුදෙකලාව ක්‍රියාත්මක කරනු ලැබූ ක්‍රමවේද වෙනුවට ඒකීය ක්‍රමවේදයක් තුළ කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම හෝ කළ යුතුය.

කාර්ය සංග්‍රහයේ පරිච්ඡේදවල සඳහන් උපදෙස් අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෙතෙක් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ක්‍රියාත්මක කරනු ලැබූ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ. අනවශ්‍ය ලෙස සේවාලාභීන් ආයතන කිහිපයකින් නිශ්කාශන ලබාගැනීම වැළැක්වීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගත යුතුය. එමෙන්ම යෝජනා කර ඇති පරිදි දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් හා වෙනත් නිලධාරීන් වෙත අවශ්‍ය බලතල පවරා දීමටත් ඔවුන්ට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමටත් පියවර ගත යුතු බව චක්‍රලේඛයෙන් අවධාරණය කරයි.

ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිර්දේශ කර ඇති නියමිත කාලසීමාව තුළ අදාළ නිශ්කාශන හෝ පරිසර සහතික ලබාදීමට පියවර ගත යුතු ය. ඇතැම් විට දැනට පවතින රෙගුලාසි, ගැසට් නිවේදන, චක්‍රලේඛ සංශෝධනය කිරීමට ඉඩ තිබේ.

ඊට අවශ්‍ය අනුමැතිය අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදී ඇති බැවින් එවැනි සංශෝධන ඇත්නම් ඒවා නොපමාව සම්පූර්ණ කිරීමට අදාළ ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් ක්‍රියා කළ යුතුය.

කැණීම් බලපත්‍රයක් නිකුත් කිරීමට පෙර අදාළ සියලුම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගාස්තු අයකිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සිදුකරන අතර එම මුදල් පරිසර අමාත්‍යාංශය යටතේ ඇති අනුමත අය ශීර්ෂයක් වෙත බැර කළ යුතුය. ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය මගින් නියම කර ඇති ගාස්තු හැර, මීට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ එකඟතාවයක් නොමැතිව වෙනත් ගාස්තු පැනවීම හෝ ගාස්තු සංශෝධනය නොකළ යුතු බව චක්‍රලේඛයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

භූ සම්පත් කැණීම් කිරීමේදී පාරිසරික ගැටලු පැනනැගීමත් ඒ මත මහජන විරෝධතා මතුවීමත් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමේදී ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා පවතින බව ජනාධිපති කාර්ය සාධක බලකාය අධ්‍යයනය කර ඇත. නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් මහජන විරෝධතා කළමනාකරණය කිරීමටත් සියලුම ආයතන ඒකාබද්ධ ප්‍රයත්නයක නියැලිය යුතු අතර දිස්ත්‍රික් හා ජාතික වශයෙන් පිහිටවා ඇති අධීක්ෂණ කමිටු නොපමාව රැස්වී අවශ්‍ය තීරණ ගත යුතුය.

අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති ක්‍රමවේද සඳහා උපරිම සහයෝගයක් සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවලින් ලබාගැනීම සඳහා අවශ්‍ය අඛණ්ඩ වැඩපිළිවෙළක් හා අධීක්ෂණයක් පරිසර අමාත්‍යාංශය සිදුකළ යුතු වේ. එහිදී යම් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් අවශ්‍ය සහයෝගය ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් තමා වෙත සැපයීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

 

 

 

Post Views: 7
Previous Post

කොවිඩ්-19 වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ වන්දි දෙන්න – අගමැති

Next Post

දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

editor

editor

Next Post

දේශීය නිෂ්පාදනවල මිල ඉහළ යාමට නොදී සහනදායක මට්ටමක - කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved