• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මඩ නැති වැඩ කරලා පෙන්වන්න – පාඨලි ආණ්ඩුවට අභියෝග කරයි

22 October 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

තමන්ට මඩ ප්‍රහාර එල්ල නොකර හැකිනම් වැඩ වලින් තමන්ව පරාජය කර පෙන්වන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට අභියෝගයක් කරමින් කියා සිටියේ පැනමා පත්‍රිකා ගිණුම් කටයුතු සම්බන්ධයෙන් තමාගේ කීර්තිනාමයට හානි කිරීමට දරපු උත්සාහය කරන බවයි.

පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී දැක් වු අදහස සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

” විශේෂයෙන්ම කියන්න ඕනේ, මේ සම්බන්ධයෙන් වෙච්ච කාරණය 2016 අප්‍රේල් මාසේ පැනමා පත්‍රිකා නමින් තොරතුරු හෙළිදරව්වක් කළා. ඒ තොරතුරු හෙළිදරව්වට අනුව මොසයික් ෆොන්සේකා කියන ලේකම් කාර්යාලය හරහා විදේශ ගිණුම් ලැයිස්තුවකුත්, විදේශවල සමාගම් පවත්වාගෙන යන ලාංකිකයන්ගේ ලැයිස්තුවකුත් හැටියට ලංකාව තුළ ප්‍රචලිත වුණා. එහි එවකට මගේ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකයෙක් හැටියට හිටපු විද්‍යා අමරපාල මහතාගේ නම සඳහන් වුණා. ඒ නම විජිත හේරත් මහත්මයත් එදා පස්වෙනිදා සඳහන් කරලා තියෙනවා. මම එතුමාට කිව්වා මේ නම සඳහන් වෙලා තියෙන නිසා එතුමාට ඒ පදවියෙන් ඉවත් වෙන්න කියලා. අපි හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වන ආර්. ඒ. ඩී. ජයතිලක මහත්මයාගේ මූලිකත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ වගේම පොලිස්පතිතුමා විමසලා මගේ පුද්ගලික ලේකම් දයා පෙරේරා මැතිතුමා 2016.04.12 වෙනිදා මේ පිළිබඳ පැමිණිල්ලක් මූල්‍ය අපරාධ අංශයට සිද්ධ කළා. අභ්‍යන්තර පරීක්ෂණයෙන් අපට පෙනුනා. මේ හෙළිදරව්ව ඇත්තටම 2016 පැනමා පත්‍රිකා වලින් නෙමෙයි වෙලා තියෙන්නේ. 2013 දි කියලා. ඒ ගැන අපේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහත්මයත් ප්‍රශ්න කරලා තියෙනව එතකොට මේ අක්වෙරළ සමාගමක යම්කිසි අධ්‍යක්ෂ ධූරයක් සිංගප්පූරුවේ පවත්වපු සවරින් කැපිටල් කෝපරේෂන් යන ආයතනය. මේ ආයතනය පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ ලංකාවේ තියෙන අයිඩබ්ලිව් එස් හෝල්ඩිංස් ආයතනය. ඒ ආයතනය සිංගප්පූරුවේ ලියාපදිංචි ආයතනයක්. ඒ වගේම එම ආයතනය සවරින් කැපිටල් කෝපරේෂන් ආයතනය BOI ආයතනය හරහා අයි. ඩබ්. එස්. ලොජිස්ටික්ස් කියන ආයතනය හරහා ලංකාවෙ ආයෝජනයකට කටයුතු කරලා තියෙනවද කියලා. එතකොට විද්‍යා අමරපාල මහත්තයා කටයුතු කළේ මගේ අමාත්‍යාංශයේ නෙමෙයි ඒ අවස්ථාවේදී. 2000 ඉඳන් 2010ට IWS Holdings ආයතනයේ විධායක නිලධාරියෙක් හැටියට කටයුතු කළේ. ඒ ආයතනය නියෝජනය කරමින් තමයි ඔහු මේ සමාගමට ඒ අදාළ නියෝජනය ලබා දීලා තියෙන්නේ. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරය භාර ගන්නකොට 2010 IWS Holdings ආයතනයෙනුත් මේ ආයතනෙනුත් කියන දෙකෙන්ම ඉල්ලා අස්වෙලා තමයි ඔහු ඒ පදවිය භාර අරගෙන තියෙන්නේ.

මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ නඩුවක් ද පැවරූ අතර, එහි පැමිණිල්ල සිදු කළේ තම ලේකම්වරයා වන දයා පෙරේරා මහතා බව ද හිටපු අමාත්‍යවරයා මෙහිදී හෙළිදරව් කළේය. එහි නඩු අංකය 3784/16 වෙයි. 2019.06.25 දක්වා අවුරුදු තුනක් එම නඩුව විවිධ අවස්ථාවල කැඳවා තිබේ. එම නඩුවට විවිධ අවස්ථාවල අදාළ විමර්ශකයන් විසින් තොරතුරු සපයා තිබේ.

“විශේෂයෙන්ම මෙහිදී මම කියන්න ඕනේ එක අවස්ථාවක මේ මූල්‍ය අපරාධ අංශය 2018.01.09 උසාවියට දැනුම් දීලා තියෙනවා මෙතෙක් කරන ලද විමර්ශනයට අනුව “විද්‍යා අමරපාල යන අය විසින් පවත්වාගෙන යන ලද බැංකු ගිණුම් පිළිබඳ ගරු අධිකරණයේ නියෝග පරිදි ලබා ගන්නා ලද බැනුම් බැංකු ගිණුම් වාර්තා පරික්ෂා කරන ලදී. මෙම බැංකු ගිණුම් වල සැක කටයුතු ගනුදෙනු කිසිවක් අනාවරණය වී නොමැත. තවද මේ අය සම්බන්ධයෙන් කොටස් වෙළඳපොලේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් ලබාගන්නා වාර්තා වලට අනුවද සැකකටයුතු ගනුදෙනු කිසිවක් අනාවරණය වී නැත. මේ තමයි උසාවියට ඔවුන් දැනුම් දෙන්නේ. ඒ වගේම 2019 සැප්තැම්බර් 12 ඔවුන් උසාවියට දැනුම් දෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති සියලුම රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු මගින් ගරු අධිකරණයේ නියෝග මත වාර්තා කැඳවන අතර මෙම විද්‍යා අමරපාල යන අය විසින් පැනමා රාජ්‍යයේ පිහිටි මොසැක් ෆොන්සේකා සමාගමේ කිසිදු මුදල් ආයෝජනයක් සිදු කර නොමැති බවට වාර්තා ලබාදී ඇති කියලා ඔහුගේ ගිණුම් ප්‍රකාශයේ සඳහන් කරනවා. ඒ වගේම 2018.06.25 වෙනිදා කරුණු මෙසේ හෙයින් ස්ථානාධිපති කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ විමර්ශනයේ පැමිණිල්ලේ කරුණු සනාථ කිරීම සඳහා සාක්කි හෝ ලේඛන කිසිවක් ඉදිරිපත් වී නොමැති අතර මෙලෙස මුදල් ආයෝජනයක් සම්බන්ධයෙන් කිසිදු කරුණක් අනාවරණය නොමැති වී ඇති බැවින් 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120:3 වගන්තිය ප්‍රකාරව ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන නොකරනු හෙයින් මෙම නඩුවේ නඩු කටයුතු අවසන් කරන මෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටී.
“ඒ අනුව මේ විද්‍යා අමරපාල මහත්තයාට, මොසයිඩ් ෆොන්සේකා සමාගමේ කිසිම ගිණුමක් තිබිලත් නෑ. මේ ගිණුම පිළිබඳ කාරණයකුත් නෑ. සමාගමක් තිබිලා තියෙනවා. ඒ අක්වෙරළ සමාගම අයිති වෙලා තියෙන්නේ අදටත් ඒ සමාගම තියෙනවා. ඒක අයිති වෙලා තියෙන්නේ අයි. ඩබ්ලිව්. එස්. හෝල්ඩින් ආයතනය ආතර් සේනානායක මහත්තයාට. ඔහු එහි වැඩ කරපු සේවකයෙක් පමණයි.”යැයි පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

2022 අයවැය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවෙයි

Next Post

ශ්‍රී ලංකාව සහ බහරේන් අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ

editor

editor

Next Post

ශ්‍රී ලංකාව සහ බහරේන් අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved