• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කවුරුවත් පරද්දන්න පොහොට්ටුව හැදුවේ නෑ…. මහින්ද කියු දේට බැසිල්ගෙන් උත්තර

2 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කලේ කිසිවෙක් පරාජය කිරීමට නොවන බවත් අපේ එකම පරමාර්ථය වුනේ ජනතාව දිනවීම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ , මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (02) නෙළුම් පොකුණ රඟහලේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වන මහා සම්මේලනයට එක්වෙමිනි. අභිමානයෙන් සෞභාග්‍ය කරා යන තේමාවෙන් මෙවර පක්ෂ සම්මේලනය පැවැත්විණි.

එහිදී බැසිල් රාජපක්ෂ මහතා මෙසේ අදහස් පල කලේය ” අපේ පක්ෂයට වසර පහක් වුනත් මම කිසිම අවස්ථාවක පක්ෂයේ වේදිකාවක කතා කලේ නැහැ. මෙවර මට කතාවක් කරන්න කියලා සංවිධායක මණ්ඩලය කිව්වා. ලංකාවේ තිබෙන ළදරුම දේශපාලන පක්ෂය අපේ පක්ෂයයි. අපේ පක්ෂයේ ලොකුම ශක්තිය වුනේ මේ රටේ ජනතාවයි, අපේ පරමාදර්ශී නායකයා හැටියට කටයුතු කරන වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක අපි මේ අවස්ථාවේ මතක කර සිටිනවා. අපි මේ පක්ෂය නිර්මාණය කලේ කිසිවෙක් පරාජය කරන්න නෙවෙයි. අපේ එකම පරමාර්තය වුනේ ජනතාව දිනවීමයි. අදටත් අපි අධීෂ්ඨාන කරගෙන ඉන්නේ ජනතාව දිනවිම මිස කිසිවෙක් පරාජය කිරීම නොවෙයි. අපේ පක්ෂයට මේ රටේ ගම් 36000ම නියෝජනය කරන ග්‍රමාසේවා වසම් 14021 තුළම ශාඛා සමිති, තරුණ, කාන්තා සමිති වගේම අපිට සම්බන්ධ අනු සංවිධාන 29ක් පිහිටුවලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මෙල්බන් නුවර සිට ලොජ් ඇන්ජලීස් නුවර දක්වා එක වෙලාවේ හිරු නොපායන හැම රටකම හැම නගරයකම අපේ සාමාජිකයින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපි නිහතමානීව ආඩම්බර වෙනවා වගේම නිහතමානීව ජයග්‍රහණය සමරණවා.

ඉදිරියටත් ජනතාවට අවංක දේශපාලන පක්ෂයක් හැටියට අපි කටයුතු කරනවා. අපේ මිතුරන්ගේ ආශීර්වාදත් ප්‍රතිවාදීන්ගේ අභීයෝගත් ආශ්වාදයක් ලෙස අපි භාර ගත්තා. අපිට මිතුරුකම් කරපු සියලු දෙනාට ගෞරව කරනවා වගේම ප්‍රතිවාදිව අපේ පක්ෂයට යම් අභීයෝගයක් එල්ල කළා නම් ඒ අභීයෝග සියල්ලම අපිට ශක්තියක් වූ බව නිහතමානීව ප්‍රකාශ කරනවා. ඉදිරියේදී තවදුරටත් දේශපාලන ජයග්‍රහණ ලබා ගන්නවා වගේම ඒ සියලු දේශපාලන ජයග්‍රහණ මේ රටේ ජනතාවගේත් විශේෂයෙන් මතු පරපුර වෙනුවෙන්ය. අපේ දරුවන්ගේ දරුවන් වෙනුවෙන් යම් කිසි සේවයක් කරන්න අධීෂ්ඨාන කර ගෙන ඉන්න නිහතමානී අවංක ශ්‍රේෂ්ඨ නායකයෙක් අපේ රටේ ජනාධිපතිධූරයේ සිටින මොහොතක අපි ඒ කාර්යය අවංකව ඉෂ්ඨ කරනවා. මෙහි පැමිණ සිටින අපේ පක්ෂ නායකයින්ගෙන්, පක්ෂ සාමාජිකයින්ගෙන් අපිට සවන් දී සිටින සියලු දෙනාගෙන් ඉල්ලනවා පක්ෂයක් ලෙස ඉදිරියටත් ක්‍රෝධය, වෛරය නැතිව අවංකව සියලු දෙනා එක්ව සහයෝගයෙන් වැඩකරමු. රට වෙනුවෙන් සේවය කරන්න අධිෂ්ඨානය කර ගනිමු.

නම උක්කුන් වුනාට අපේ පක්ෂය තවම බොන්නේ ප්ලේන්ටි. කිරි නෙවෙයි. මේ ගමනට අපිට උදව් කළ මහා සංඝරත්නයටත් හිස නවනවා. අපේ පක්ෂය කිසිම ආගමකට ජාතියකට කුලයකට අයිති නැහැ. සියලු ආගම්, සියලු කුල, සියලු ප්‍රදේශ නියෝජනය කරන පක්ෂයක්. ඒ වගේම අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ටත්, පළාත් සභාවල සිටි මන්ත්‍රීවරුන්ටත් වෘත්තිය සමිති සගයින්ටත්, අනු සංවිධාන නියෝජිතයින්ටත් වෘත්තීය වේදීන් සහ සිවිල් සංවිධානවල නියෝජිතයින්ටත් පක්ෂය ගොඩනැගීමට දැක්වූ සහායට ස්තූති කරනවා. ඉදිරියටත් අපි නිහතමානීව සහෝදරව අනෙකුත් අපිට උදව් කරපු අය එක්ක එකතුවෙන් කටයුතු කරමු. කොට්ඨා 4917න් 4000ට වැඩිය නියෝජනය කරන්නේ අපේ පළාත් පාලන නියෝජිතවරු. අපිට අභියෝග තියෙනවා. මේක තමයි අපිට අභීයෝග වැඩිම මොහොත. අපිට අභීයෝග කරන විවිධ දේශපාලන කණ්ඩායම් ඉන්නවා. ඔවුන් අභීයෝග කරන්නේ අපේ රටේ අනාගතයට, ජනතාවටයි. ඒ අභීයෝගවලට අපි මුහුණ දෙමු.
මේ වැඩසටහනට පැමිණෙන්න බැරිව විශාල පිරිසකට සිටිනවා. ඒ ගැන අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. මේ වේලාවේ අපි මුහුන දෙන්නේ භයානක වසංගතයකට සෞඛ්‍ය නීතී අකුරට පිළිපදින්න වෙනවා. ඒ නිසා සීමා සහිත පිරිසකටයි ආරාධනා කරන්න වුනේ. ඒ සම්බන්ධයෙන් අපේ කණගාටුව ප්‍රකාශ කරනවා. අපේ සියලු සාමාජිකයින්ට එන්න පුලුවන් පිටියක් හෝ ශාලාවක් මේ රටේ නැහැ. ගෝල් ෆේස් එක අපි පිරෙව්වේ පක්ෂය නිර්මාණය කරලා මාස හයෙන්.

සියලු සාමාජිකයින් ගෙන්වලා සම්මේලනයක් තියන්න නම් අගමැතිතුමා මැදිහත් වෙලා හැදුවොත් හැරෙන්න හොයාගන්න ලැබෙන්නේ නැහැ. පක්ෂය ගොඩ නැගීමට උදව් කළ අපේ පක්ෂය සහ පක්ෂයෙන් පිට අයටත් ගෞරව කරනවා. ඒ ගෞරවය අපි කවදාවත් අමතක කරන්නේ නැති බවත් සඳහන් කරනවා. පක්ෂය ගොඩනැගුවා. ජයග්‍රහණය කළා. ජනතාව අපිට වගකීමක් භාර දුන්නා. ඒ වගකීම අකුරටම ඉටු කරන්න අවශ්‍ය සහාය හා මග පෙන්වීම පක්ෂය විදියට දෙන්න අධීෂ්ඨාන කරමු. සුභ අනාගයක් වේවායි ප්‍රාර්ථනා කරමු යැයි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9
Previous Post

යුගයේ අවශ්‍යතාවයක් නිසයි පොදුජන පෙරමුණ බිහිවුනේ – ජනපති

Next Post

උතුරේ ජන ජීවිතය පහසු කරන්න පොලිස් ප්‍රජා සේවාවක්

editor

editor

Next Post

උතුරේ ජන ජීවිතය පහසු කරන්න පොලිස් ප්‍රජා සේවාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved