27 April 2024
#Uncategorised

උතුරේ ජන ජීවිතය පහසු කරන්න පොලිස් ප්‍රජා සේවාවක්

උතුරු පළාතේ ජීවත්වන මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැටලු අවම කිරීමේ අදහසින් ශ්‍රි ලංකා පොලිසිය මගින් ප්‍රජා පොලිස් සේවාවක් යාපනය ප්‍රදේශයේ ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතී.

ඒ පිළිබඳව පොලීසියේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (02 ) යාපනය මූලස්ථාන පොලිස් ස්ථානයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

යාපනය පොලිස් කොට්ඨාශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරනු ලබන ප්‍රජා පොලිස් සේවාව ග්‍රාම නිලධාරී වසම් 153 ක් ආවරණය කරමින් පොලිස් වසම් 09 තුල ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම පොලිස් ප්‍රජා සේවා මගින් සුළු පැමිණිලි පොලිස් වාර්තා සහ තම ග්‍රාමයේ ඇති නොයෙකුත් හිත් අමනාපකම් මත ඇති මන ගැටුම් ඇති නොවී සමථයකට පත් කිරීමට නියමිතයි.

ගම් ප්‍රදේශයට පත් කරනු ලබන පොලිස් ප්‍රජා සේවා නිලධාරීන් එම ගම්ප්‍රදේශයේ පොදු කටයුතු සඳහා සහාය වීම,ප්‍රජා උපදේශනය හා විශෝධනය ආපදා කළමනාකරණය,පරිසර ආරක්ෂක ප්‍රවර්ධනය, ජාතික හා ආගමික සමගිය ප්‍රවර්ධනය මද්‍රව්‍ය නිවාරණය සහ දූෂණ වැළැක්වීම ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා දායකත්වය දීම අපරාධ වැළැක්වීම සහ විසඳීම,යන ප්‍රධාන කරුණු මූලික කර ගනිමින් ජනතාව සමඟ එක්ව කටයුතු කරනු ලබයි.

යාපනයේ පොලිස් කොට්ඨාසය තුළින් ආරම්භ කිරීමට නියමිත ප්‍රජා පොලිස් සේවාව හැකි ඉක්මනින් උතුරු පළාත තුළ දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම වැඩසටහන සදහා ප්‍රජා පොලිස් හා පරිසර ඒකකය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ජගත් පලිහක්කාර මහතා,යාපානය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උජිත් N.P ලියනගේ මහතා ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් සහභාගීව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *