අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය (FUTA) අතර හමුවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවිය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනම සේවාවක් ලෙස ස්ථාපිත කිරීම පිළිබඳ ඉල්ලීමක් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ අතර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, උසස් අධ්‍යාපනය සම්බන්ද ඇතැම් පනත් සංශෝධනය, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන නියාමනය, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීම ආදී උසස් අධ්‍යාපනය පිළිබඳ කරුණු කිහිපයක් ගැන මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය එස් බන්නැහැක ඇතුලු නියෝජිත පිරිසක් සහභාගි වූහ.