• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

අපගේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මතයි – ඇමැති නාමල්

13 November 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අපගේ ඉදිරි ගමන රඳා පවතින්නේ ඩිජිටල්කරණය මත බවත් කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය නිසා, ඩිජිටල්කරණයේ අසීමිත හැකියාවන් හොඳින් වටහා ගැනීමට අපට හැකියාව ලැබුණ බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ අමාත්‍ය හා ඩිජිටල් ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 11 වනදා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (People’s Leasing & Finance PLC) ‘PLC Touch’ නමින් ත්‍රයිභාෂික ජංගම යෙදුම (Mobile app) හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම යනු රජයේ හිමිකාරීත්වය යටතේ පවතින, මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි. ශ්‍රී ලංකාවේ මෙම වර්ගයේ යෙදුමකට මුල්ම වරට ඇතුළත් වන රක්ෂණාවරණ සබැඳි විශේෂාංග රැසක් ඇතුළුව සුවිශේෂී අංග රාශියක් ‘PLC Touch’ යෙදුමට ඇතුළත් වේ.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ඉතුරුම් ගිණුමකට අමතරව වෙනත් ඕනෑම බැංකුවක ඇති ඕනෑම ඉතුරුම් ගිණුමක් ‘PLC Touch’ යෙදුමට ඇතූලත්කර ගැනීම (mapping) මඟින් එම ඕනෑම ගිණුමක් ඔස්සේ QR කේත ක්‍රමය පදනම් කරගත් ගෙවීම්, උපයෝගීතා බිල්පත් (utility bills) ගෙවීම් සහ එම ඕනෑම බැංකු ගිණුමක් භාවිතයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ ණය හා ලීසිං සම්බන්ධ ගෙවීම් සිදුකිරීම වැනි සේවාවන් රාශියක් PLC Touch App ඔස්සේ ලබාගත හැකි වේ.

එමෙන්ම මෙමගින් ලිපිලේඛන කටයුතු වලට කාලය වැයකිරීමෙන් තොරව විනාඩි ගණනක් තුළ නව රක්ෂණයක් ලබාගත හැකි අතර, ‘Call & Go’ ක්‍රමවේදය මගින් රථවාහන රක්ෂණ වලට අදාළ හිමිකම් මුදල් ලබාගැනීමේ ක්‍රියාවලියද සරල කරයි.

බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ නවෝත්පාදන පුරෝගාමියෙකු වශයෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ‘Self-e-Cash’ සේවාවක් හඳුන්වා දීම සඳහා මීට පෙර කටයුතු කළේ ය. මෙහිදී පාරිභෝගිකයන්ට තම ස්ථාවර තැන්පතු ඇපයට තබා ක්ෂණික ණයක් ලබාගත හැකි අතර, අදාළ මුදල ATM යන්ත්‍රයකින් ලබාගත හැකි වේ.
මෙම සේවාව දැන් PLC Touch App ඔස්සේද ලබාගත හැකි අතර, QR හා බිල්පත් ගෙවීමේ සේවාවන් සහ ගිණුම් අතර මුදල් හුවමාරු කිරීම ඇතුළු තවත් සේවාවන් රැසක්ද මීට ඇතුළත් කර ඇත.
මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමූහ අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් ගුණසේන මහතා, PLC Touch App නිර්මාණය මෙහෙයවු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමූහ අංශයේ නිළධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

Post Views: 9
Previous Post

මද්දකට හසුවි සිටි හදුන් දිවියකු බේරා ගැනේ

Next Post

රාජ්‍ය කඨින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

රාජ්‍ය කඨින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved