• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ තිදෙනෙක් අක්තපත්‍ර භාර දෙති

16 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (16) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

ජපානය, තායිලන්තය සඳහා නව තානාපතිවරු ද දකුණු අප්‍රිකාව සඳහා මහ කොමසාරිස්වරයෙක් ද පත්ව සිටිති. ඒ අනුව, තායිලන්තයේ තානාපතිවරයා ලෙස පොඡ් හාන්පොල් (Poj Harnpol), දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස්වරයා ලෙස සන්ඩීලේ එඩ්වින් ශල්ක් (Sandile Edwin Schalk) සහ ජපානයේ තානාපතිවරයා ලෙස හිඩෙකි මිෂුකොෂි (Hideaki Mizukoshi) අක්තපත්‍ර භාර දුන්හ.

ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කරගැනීමට කැපවන බව නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනාධිපතිවරයා සමග පැවසූහ.

කොවිඩ් පැතිර යාම ආරම්භයේ සිටම රජයක් ලෙස ගත් ක්‍රියාමාර්ග, එන්නත්කරණය සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය සහ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ආර්ථික කළමනාකරණයේ දී මුහුණ දීමට ඇති අභියෝග පිළිබඳ ජනාධිපතිවරයා නව තානාපතිවරු දැනුවත් කළේය.

එහිදී සියලු රාජ්‍යයන් එක්ව වැඩ කිරීමේ සහ එකිනෙකාට සහාය වීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබිණ. කොවිඩ් වසංගතය පාලනයට සහ එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව තානාපතිවරු ජනාධිපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කළහ.

තම රජය නව සාමාන්‍යකරණය යටතේ ආර්ථික කටයුතු මෙහෙයවීමට අපේක්ෂා කරන ආකාරය පැහැදිලි කළ ජනාධිපතිවරයා, මෙරට ආයෝජන අවස්ථා සඳහා එම රටවල ආයෝජකයන්ට ඉඩ ප්‍රස්ථා විවෘතව ඇති බව පැවසීය.

කාබනික පොහොර භාවිතයට යොමු වෙමින් හරිත කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සහ මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් ඉහළ ප්‍රතිශතයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට ගෙන ඇති පියවර ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය සහ දැනුම මෙරටට ලබාදීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

තමා ආරක්ෂක ලේකම්වරයා ලෙස දකුණු අප්‍රිකාවේ කළ සංචාරයන් සිහිපත් කළ ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියදී “ජයිකා” ආයතනය සමග සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඉතා සමීපව කටයුතු කිරීමට හැකි වූ බව සඳහන් කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායකත්වය ලබාදෙන බව තායිලන්තයේ තානාපති පොඡ් හාන්පොල් සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සන්ඩීලේ එඩ්වින් මහතා පැවසීය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර 70 වසරක තානාපති සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බව ජපාන තානාපති හිඩෙකි මිෂුකොෂි මහතා සඳහන් කළේය.

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, ප්‍රධාන සංධාන නිලධාරි තුෂාර රොද්‍රිගෝ සහ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (මාධ්‍ය) සුදේව හෙට්ටිආරච්චි යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 3
Previous Post

දිවයින පුරා සියළුම පාසල් ලබන සදුදා සිට ආරම්භ කෙරේ

Next Post

සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය විරෝධතා කොළඹින් ඇරඹෙයි

editor

editor

Next Post

සාපලත් ආණ්ඩුවට එරෙහි ජනතා බලය විරෝධතා කොළඹින් ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025

Recent News

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

අනියම් පෙමකට උපදෙස් : අද එපිය පිදුම – ලාල්කාන්තට

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved