• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති ලබන 4 වනදා අරාබියේ නිල සංචාරයක – ඇමැති ජී.එල්.පිරිස්

29 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භක සැසිවාරය ඇමතිම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙසැම්බර් 04 එක්සත් අරාබියේදී පෙනි සිටින බව විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදි අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා අදහස් දක්වමින් “අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආරාධනාවක් ලැබිලා තිබෙනවා ඉන්දියානු සාගර සම්මේලනයේ ආරම්භක සැසිවාරය ඇමතිමට. මෙම ජාත්‍යන්තර සම්මේලනය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමිරාටියේ අගනුවර වන අබුඩාබි නගරෙයි. රටවල් 47 ක් මෙම ජාත්‍යන්තර සම්මේලනයට සහභාගි වනවා. දෙසැම්බර් 04 වනදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සිය දේශනය පවත්වන අතර පස්වනදා එතුමා එක්සත් අරාබි අමරාටියේ රාජ්‍ය නායකයා වන අල් නායන් කුමරු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. මෙම සම්මේලනයේ සංවිධායක කමිටුවේ සභාපතිධූරය ශ්‍රි ලංකා රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දරන අතර උප සභාපතිවරුන් වශයෙන් කටයුතු කරන්නේ ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකාර්, ඕමාන් විදේශ අමාත්‍යතුමා, සිංගප්පුරුවේ විදේශ අමාත්‍ය ආචාර්ය විලියම් බාලක්‍රිෂ්නම් හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරුන් යන අමාත්‍යවරුන් වේ. සම්මේලනයේ තේමාව වනුයේ පරිසරය, ආර්ථිකය හා වසංගතය යන්නයි. මෙම සම්මේලනය ශ්‍රි ලංකාවට විශේෂයෙන් වැදගත් එකක් වෙනවා ඇති. සති දෙකකට පෙර බංගලාදේශයේ ඩකා නගරයේ පැවතුණා ඉන්දියානු සාගර වලල්ල සංවිධානයේ අමාත්‍ය කවුන්සිලයේ 21 වන සැසිය. නොවැම්බර් 17 වනදා එම සංවිධානයේ උප සභාපති වශයෙන් ශ්‍රි ලංකාව පත් වුණා. එම ධූරය අප රට වෙනුවෙන් විදේශ ඇමති විදිහට මම පිළිගත් අතර සැසිවාර කිහිපයක මූලාසනය ශ්‍රි ලංකාවට පිරි නැමුණා. බංගලාදේශයේ අගමැතිනි ෂිග් හසිනා මැතිණිය සමඟ මම පැවැත්වූ සාකාච්ඡාවකදි එතුමිය විශේෂ උනන්දුවක් දැක්වූවා කොළඹ හා චිතගුවන් වරාය අතර සම්බන්ධතාවය දියුණු කර ගැනීමට. බංගලාදේශයේ නාවික කටයුතු ඇමතිතුමා සමඟ ද මේ පිළිබඳව විස්තර සහිතව සාක්ච්ඡා කළා. ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් හැටියට කොළඹ වරාය දියුණු කිරීම හා බංගලාදේශයෙන් පැමිණෙන බහාලුන් සංඛ්‍යාව වැඩිකර ගැනීමෙන් රටවල් දෙකටම විශාල ආර්ථික ප්‍රයෝජනයක් ලැබෙන බව මෙහිදි සඳහන් වුණා. එසේම බංගලාදේශයේ ඇගලුම් හා අනෙකුත් අපනයන භාණ්ඩ කොළඹ වරාය හරහා මැද පෙරදිගට හා යුරෝපයට යැවීමයි මේ වැඩපිළිවෙළෙ අරමුණ වුණේ. දැනට මේවායින් 20% ක් පමණ කොළඹ වරායේ භාවිතා වන නමුත් මේ සෑම ප්‍රමාණයකට වැඩි කර ගැනීමට අවකාශය තිබෙනවා. අබුඩාබි හා ඩකා සම්මේලන දෙකම ශ්‍රි ලංකාවටම ප්‍රායෝගික වශයෙන් වැදගත් වන්නේ දිවයිනක් හැටියට සාගර සම්පත් වලින් ආර්ථිකයට ලැබෙන ශක්තිය පිළිබඳ විශේෂ අවධානය යොමුවන නිසායි. පරිසරය, කාලගුණය ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු විශ්ලේෂණය කිරීම හා රටවල් අතර හුවමාරු කර ගැනීම, මුහුදුගරබ සංදර්ශනය, මතස්‍ය සම්පත් කලක් පවතින වැඩපිළිවෙළක් අනුව පාලනය කිරීම , නැව් ගමනාගමනය හා වෙළඳ කටයුතු යන ක්ෂේත්‍රවල ඉන්දියානු සාගර අවට රටවල් අතර වඩාත් සමීප සම්බන්ධතා වර්ධනය කර ගැනීම මෙම සම්මේලන 02 ම පොදු අභිමතාර්තය වෙනවා. ඒ පිළිබඳව ශ්‍රි ලංකාවට ප්‍රමුඛ කාර්යභාර්යක් පිරිනැමීම අප රටට ගෞරවයක් වනවා. පසුගිය සතියේ ප්‍රධාන පෙළේ විදේශීය නිලධාරීන් දෙදෙනෙකු අපේ රටට පැමිණ විදේශ කටයුතු අමාත්‍යාංශය අප සමඟ සාකච්ඡා පැවැත්තුවා. එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් හා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා යන නිලධාරීන් දෙදෙනෙකු සමඟයි. කොවිඩ් වසංගතය හා ගෝලීය ආර්ථිකය පසුබැස්මක් තුළ ශ්‍රි ලංකා රජය වැඩපිළිවෙළ සහ අප ලබා ඇති ප්‍රගතිය ගැන එම නිලධාරීන් විස්තර සහිතව දැනුවත් කිරීමට මෙය ප්‍රයෝජනවත් අවස්ථාවක් වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළාය.

 

Post Views: 2
Previous Post

විදුලකරෙන් විදුලියට රූබන් වික්‍රමආරච්චිගේ කෘතිය එළිදක්වයි

Next Post

පස්වන ඉන්දීය සාගර සමුළුවට රනිල් වික්‍රමසිංහටත් ආරාධනා

editor

editor

Next Post

පස්වන ඉන්දීය සාගර සමුළුවට රනිල් වික්‍රමසිංහටත් ආරාධනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved