27 April 2024
#දේශීය

පස්වන ඉන්දීය සාගර සමුළුවට රනිල් වික්‍රමසිංහටත් ආරාධනා

ලබන දෙසැම්බර් 03 වනදා සිට 05 වනදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ටද ආරාධනා කර ඇත.

”පරිසරය,ආර්ථිකය,වසංගතය ”මෙවර සමුළුවේ තේමාවයි.ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ තර්ජනයන්ට මුහුණ දීම කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ජා කෙරේ .

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා කාලයේ එම ධුරය දරන ලදී ,
හිටපු අග්‍රාමාත්‍යවරයා ලබන දෙසැම්බර් 05 වනදා සමුළුව ඇමතීමට නියමිතයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන 05 වන ඉන්දීය සාගර සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය S. ජයශංකර් සහ සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍ය V. බාලක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වනු ඇති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *