නාය යැම් සිදු වන බවට අනතුරු අගවා ඇති මාතලේ අඹන්ගගකෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුස්සැල්ල ප්‍රදේශයේ මිනිරන් කැණිම සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් විසින් කොළඹ පිහිටි සමාගමට ලබා දි ඇති කැණිම් බලපත්‍රය වහාම අත්හිටුවන ලෙස ඊයේ(29)දා පැවති මාතලේ දිස්ත්‍රික් පාරිසරික නිති ක්‍රියාත්මක කිරිමේ කමිටුවේදි තිරණය කෙරුණි.
මාතලේ අතිරේක දිසාපති ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවති මෙම කමිටු රැස්විමේදි තිරණය කෙරුණි.
මෙහිදි සභාවට කරුණු දක්වමින් කථා කළ අඹන්ගගකෝරළයේ ප්‍රාදේශිය ලේකම් හර්ෂ සේනාධිර මහතා කියා සිටියේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම ප්‍රදේශයේ නාය යැම් සිදු වන බවට වාර්තා නිකුත් කර ඇති බවත් ඒසේ තිබියදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් විසින් මෙම බලපත්‍රය නිකුත් කර ඇති බවය.සාමන්‍ය ක්‍රමවේදය තමයි වැලි කැණිම් බලපත්‍රයක් හෝ වෙනත් කටයුතු සදහා ප්‍රාදේශිය ලේකම්වරයාගේ නිර්දේශය නමුත් ඒ කිසිවක් සිදුවෙලා නැහැ.මෙම ප්‍රදේශයේ අදාළ සමාගම විසින් අනවසරයෙන් කැණිම් සිදු කරන බවට මහජනතාවගෙන් පැමිණිලි ලැබි ඇති බවය.ඒ කරුණු සැලකිල්ලට ගෙන ග්‍රාම නිලධාරින් මාර්ගයෙන් අදාළ පරික්ෂණ පවත්වා කැණිම් කටයුතු නවතා දැමිමට කටයුතු කළා.ඊට පසුව තමයි මෙම බලපත්‍රය අරන් තියෙන්නේ.පසුගය 15 දින ලිඛිතව අධ්යක්ෂ ජනරාල් වරයාට මා දැනුම් දුන්නා.මෙහි යම් කැණිම් තත්වයදි නාය යැම් සහ වෙනත් අනතුරු සිදුවුවහොත් අදාළ වගකිම ගන්නා ලෙස.මේ පිලිබදව මෙම කමිටුවෙන් යම් තිරණයක් ගන්නේ නම් වැදගත් යැයිද හෙතෙම පැවසිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ජාතික ගොඩනැගිලි පරේයේෂන සංවිධානයේ මාතලේ කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ මෙම කැණිම් සදහා තාවකාලික කැණිම් බලපත්‍රයක් ලබා දි ඇති බවය.මෙම සමාගම ලංකාවේ මයිකා වගේ ඛනිජ ද්‍රව්‍ය අපනයනය කරන නමක් දිනා ඇති සමාගමකි.
මෙහිදි අදහස් දැක්වු සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මුගුණුවෙල අනුරුද්ධ හිමියන් සදහන් කළේ කොළඹ විදුරු ගෙවල් වල සිට මෙවැනි තිරණ ගැනිම තුළින් අපේ ප්‍රදේශයේ සම්පත් විනාශ කරනවා.මේවා මුදලට යටවෙලා සිදු කරන වැඩ.මෙසේ ඩිජිලා කටයුතු කරනවානම් අපේ ලේකම් කාර්යාල සහ අනෙකුත් නිලධාරින් වැඩක් නැහැ.මේ කමිටුවේ තිරණයක් අරන් කොළඹට දැනුම් දෙමු යැයිද උන්වහන්සේ පැවසිය.
කමිටුව පැවැත්වෙන අවස්ථාවේ මුගුණුවෙල අනුරුද්ධ හිමියන් විසින් පරිසර අමාත්‍ය මහින්ද අමරවිර මහතා දුරකතනය ඔස්සේ කතා කරමින් මෙම කරුණු දැක්වු අතර මේ පිළිබදව අමාත්‍යවරයා දැනුවත් කළ බවත් මේ පිළිබදව කඩිනමින් සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන බවය. කමිටුව සදහා රාජ්‍ය නිලධාරින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.
මාතලේ – මහේෂ් කිර්තිරත්න