අපි නැවත හරවා යැවු චීන පොහොර නැව හොදටම සුදුසුයි කියලා සිංගප්පුරුවේදී ඔප්පු වු බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනයේදී 10 වනදා පැවති කාබනික වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ චීනයෙන් ගුණාත්මක භාවයෙන් යුත් පොහොර මෙරටට ගෙන්වීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
එසේම මෙරට ගෙන්වු චීන පොහොර නැව මෙරටදී සිදු කල පරික්ෂණවලදී අසමත්වීමත් සිංගප්පුරුවේ සිදු කල පරික්ෂණයේදී එය හොඳ මට්ටමක ඇති බව තහවුරු වීම පිළිබදව විශාල ප්‍රශ්නයක් බවත් ඒ් පිළිබඳව පරික්ෂනයක් සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් ඉදිරියේදී කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළීවෙලක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.