• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

Siam City සිමෙන්ති සමූහය, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

18 January 2022
in ව්‍යාපාර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

Siam City සිමෙන්ති සමූහය (SCCC) සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) අතර පැවති සහයෝගීතාව තවත් වසර තුනක් සඳහා දීර්ඝ කරමින් නව අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අත්සන් කෙරුණු අතර, එමගින් Siam City සිමෙන්ති සමූහයේ ව්‍යාපෘති ක්‍රියාත්මක වන ස්ථානවල ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීම මූලික කරගත්, 2030 වසරේ INSEE තිරසාර ඉලක්කයන් සපුරාගැනීම සඳහා සහයෝගය ලබා දීම අපේක්ෂා කෙරේ.

හැකි උපරිමයෙන් ජෛව විවිධත්ව හානිය වළක්වා ගැනීම සහ අවම කිරීම මෙම සහයෝගීතාවේ ප්‍රධාන අරමුණ වන අතර, ඉදිරි වසර 3 තුළ දී ශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය සහ කාම්බෝජය යන රටවල පිහිටා ඇති Siam City සිමෙන්ති කම්හල්වල කැණීම් සහ සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියෙහි දී නොවැළැක්විය හැකි පාරිසරික බලපෑම් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සැලසුම් කිරීමට ද මෙම සහයෝගීතාව ශක්තියක් වනු ඇත.

Siam City සිමෙන්ති සමූහයේ, සමූහ ප්‍රධාන විධායක නිලධාරී අයිඩන් ලිනම් සහ ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ හා ඔසියානාවේ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ආචාර්ය ඩින්ඩෝ කැම්පිලාන් යන මහත්වරු තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි Siam City සිමෙන්ති මූලස්ථානයේ දී මෙම අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබූ අතර, ශ්‍රී ලංකාව, කාම්බෝජය හා වියට්නාමය යන රටවල නියෝජිතයෝ අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වූහ.

මෙහි දී අයිඩන් ලිනම් මහතා අදහස් දැක්වූයේ මෙසේ යි. ” 2030 වසර වන විට සපුරා ගැනීමට අරමුණු කරන INSEE තිරසාර සැලසුම් අතරින් ප්‍රධාන එකක් විදියට ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම දැක්වීමට පුළුවන්. ඒ වෙනුවෙන් අපගේ ව්‍යාපාරික අවශ්‍යතා සමඟ ඒකාබද්ධ කෙරුණු දිගුකාලීන ඉලක්කගත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අපි කැප වෙනවා. එම අරමුණු සාක්ෂාත් කරගැනීමට ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමග අප ගොඩනගාගෙන තිබෙන සහයෝගීතාව ලොකු ශක්තියක්.”

2018 – 2021 කාල වකවානුව සඳහා අත්සන් තැබුණු මෙහි පළමු අවබෝධතා ගිවිසුමට අදාළ කාලසීමාව තුළ Siam City සිමෙන්ති සමූහය, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමඟ එක්ව ජෛව විවිධත්ව හානිය අවම කිරීමට සහ නිෂ්පාදන ක්‍රියාවලියේ දී සිදු වූ බලපෑම් සඳහා විසඳුම් ලබා දීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ අතර, ශ්‍රී ලංකාවේ Siam City සිමෙන්ති (ලංකා) සමාගම, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමඟ එක් වී අරුවක්කාලු ප්‍රදේශයේ පිහිටා ඇති ගල්කොරි පුනරුත්ථාපනය කිරීම සඳහා කටයුතු කෙරිණි. එමෙන් ම උණවටුන වෙරළට ඔබ්බෙන් වූ කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ කොරල් විශේෂඥයින්ගෙන් තාක්ෂණික සහය ලබා ගැනීම සහ කන්නෙලිය වන රක්ෂිතය තුළ නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එම සංගමයේ සහයෝගය ලබා ගැනීම ද මෙහි දී සඳහන් කළ යුතු ම ව්‍යාපෘති ලෙස හැඳින්විය හැකිය. තායිලන්තයේ, Siam City සිමෙන්ති පී. එල්. සී සමාගම විසින් ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සමග එක්ව සම්බන්ධීකරණය කරන ලද, එ රට ප්‍රථම ජාතික ව්‍යාපාරික සහ ජෛව විවිධත්ව වැඩසටහන වන ‘Bio-diversity Network Alliance (B-DNA)’ මගින් තිරසාරත්වය සඳහා ව්‍යාපාරික දැනුවත්භාවය වර්ධනය කිරීමට සහ ධාරිතා වර්ධන හා ජෛව විවිධත්ව සංරක්ෂණය වෙනුවෙන් ජාලගත කිරීම සඳහා සුවිශේෂී සහයෝගයක් ලබා දී ඇති අතර, වියට්නාමය සහ කාම්බෝජය තුළ ද එවැනි ම ව්‍යාපෘති ගණනාවක් දියත් කර ඇති බව ද සිහිපත් කළ යුතුමය.

“මෙම අඛණ්ඩ සහයෝගීතාව, Siam City සිමෙන්ති සමූහයේ ජෛව විවිධත්ව සංරක්ෂණය හා සම්බන්ධ තිරසාර ඉලක්කයන් සමග ඒකාබද්ධ කිරීම මගින්, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා එම සමූහයේ කැපවීම පිළිබඳව උදාහරණ සපයනවා. ඒ වගේ ම ව්‍යාපාරික, සාමාජීය හා ස්වභාවධර්මය ආශ්‍රිත අවශ්‍යතා යන සියල්ලක් ම සමතුලිත කරමින් විසඳුම් ලබා දීමට සහ ඒ ආශ්‍රිත ප්‍රමිතීන් නිර්මාණය කිරීමට අපට එක්ව කටයුතු කළ හැකියි.” යනුවෙන් මෙහි දී අදහස් දැක්වූ ආචාර්ය ඩින්ඩෝ කැම්පිලන් මහතා පැවසුවේ ය.

 

Post Views: 4
Previous Post

එකිනෙකාට එරෙහිව උසිගන්වන දේශපාලනඥයන් දැන්වත් එය නතර කළ යුතුයි – ජනපති

Next Post

මෛත්‍රිපාල හදිස්සියේම නින්දෙන් අවදි වෙලා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

editor

editor

Next Post

මෛත්‍රිපාල හදිස්සියේම නින්දෙන් අවදි වෙලා - රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved