27 April 2024
#දේශීය

මෛත්‍රිපාල හදිස්සියේම නින්දෙන් අවදි වෙලා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වන විට හදීසියේම නින්දෙන් අවදි වෙලා මෙන් ආණ්ඩුව විවේචනය කරන බවත් ආණ්ඩුවේ සිටම එතුමන් විපක්ෂයේ බලාපොරොත්තු ඉටු කරමින් සිටින බව දක්නට ලැබෙන බව ද සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂුද්‍ර මූල්‍ය , ස්වයංරැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය කාර්යායේදී ඊයේ(18) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අද වන විට පටු දේශපාලන අරමුණු ඇතිව වත්මන් රජය විවේචනය කරන පිරිස් පවා කොවිඩ් මාරයාට බිලි නොවී ජීවත්ව සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිසා බවත් වත්මන් රජය කොවිඩ් මාරයාට හිස එසවීමට නොදී එන්නත් කරණයට මුල් තැන ලබා දී කටයුතු කිරීමේදී ඇතැම් දේශපාලන පක්ෂ එයින් දේශපාලන වාසී ලබා ගැනීමට කටයුතු කරන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

මේ වන විට වත්මන් ආණ්ඩුවට තියෙන චෝදනාවක් තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කටයුතු කඩිනම් නොකිරීම චෝදනාවට අප ලක් වෙලා තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අප ආණ්ඩුවේ පාර්ශව කරුවෙකු ලෙස කටයුතු කරන නිසා බව හෙතෙම පැවසිය.

අද වන විට පටු දේශපාලන අරමුණු ඇතිව වත්මන් රජය විවේචනය කරන පිරිස් පවා කොවිඩ් මාරයාට බිලි නොවී ජීවත්ව සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පිං සිද්ද වන්නහට බවත් වත්මන් රජය කොවිඩ් මාරයාට හිස එසවීමට නොදී එන්නත් කරණයට මුල් තැන ලබා දී කටයුතු කිරීමේදී ඇතැම් පටු දේශපාලන පක්ෂ එයින් දේශපාලන වාසී ලබා ගැනීමට මේ රටේ ජනතාවට කරන ලොකුම ද්‍රෝහි කම ලෙසයි දකින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *