විදුලි කප්පාදුවක් සිදුවීමට හෝ සිදු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව විදුලි බල මණඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අප කල විමසීමදී විදුලි සැපයුම් සම්බන්ධයෙන් ඉහල නිලධාරියෙකු පවසා සිටියේ මේ වන විට ඉන්ධන සැපයුම අඛණ්ඩව ලබා දීමට හැකියාව පවතින බවයි.
කෙසේ වෙතත් පසුගිය දිනවල ඇමැතිවරුන් මෙන්ම විදුලි ඉංජිනේරුවන් විවිධ මත පැවසුවද සැබැවින්ම විදුලි කප්පාදුවක අවශ්‍යතාවයක් සිදු නොවු බව ඒම ඉහළ නිලධාරියා අප වෙත පැවසිය.
පවතින තත්ත්වය තුල අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කිරීම සිදු කල යුතු නමුත් විදුලි කප්පාදුවක් වේයැයි අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස එම ඉහළ නිලධාරියා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.
දිලිනි සමන්මලි