27 April 2024
#දේශීය

‌බෙල්ලනට ඕන වොයිස් කට් දාගන්න – රවි කුමුදේශ් කියයි

වෛද්‍ය බෙල්ලන මහතාට අවශ්‍ය සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වර්ජන මුවාවෙන් තමන්ගේ වොයිස් කට් මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීමට බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ් මහතා මෙසේ අදහස් පල කලේය ” බෙල්ලන මහත්තයා හිතාගෙන ඉන්නවා එයා කරන්නේ දේශපාළණය නෙවේ, වෘත්තීය සමිති කියලා. එයාට ඕනේ අපේ වර්ජනය පාවිච්චි කරලා වොයිස්කට් එක දා ගන්න එකනම්, ඒ අහිංසක උත්සාහයට අපි විරුද්ධ නැහැ. ඒත් අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි එතුමාට අනතුරු හගවනවා. ඒ වගේම ගුරු සංගම් සහයෝගය එපා කියද්දී ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවය විසදන්න බලෙන් හොස්ස දාපු මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ, හෙද වැටුප් විෂමතාවයට විසදාගන්න හදන අරගලයට පස්ස හරවන එක අපිට තියෙන්නේ පිළිකුලක්. සටන් කරන්න ඕනේ නෑ, ජනාධිපතිතුමාට කේක් කවන ගමන් හරි හෙදියට වෙලා තියන දේ ගැන කියන්න. කුලපතිකම ගත්තා වගේ මේකත් අපිට පුළුවන්නම් අරන් දෙන්න.

Leave a comment

Your email address will not be published. Required fields are marked *