• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමාජ වෙනස්වීම්වලට ඔරොත්තු දෙන බුද්ධිමතුන්, අධ්‍යාපනයෙන් බිහිකිරීම රජයේ බලාපොරොත්තුවයි – ජනපති

11 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අනාගතයේ සිදුවන සමාජ වෙනස්වීම්වලට ඔරොත්තු දෙන බුද්ධිමතුන් අධ්‍යාපනයෙන් සමාජගත කිරීම රජයේ බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (11) පෙරවරුවේ යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ, වව්නියාව මණ්ඩපය “වව්නියාව විශ්වවිද්‍යාලය” නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම අවස්ථාවට එක්වෙමිනි.

ඒ අනුව මෙරට 17වන රාජ්‍ය විශ්වවිද්‍යාලය ලෙස “වව්නියා විශ්වවිද්‍යාලය” ඉතිහාසයට එක් වේ.

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව ව්‍යවහාරික විද්‍යා පීඨය, ව්‍යාපාර පීඨය සහ ඉංග්‍රීසි භාෂා ඒකකය වව්නියාව මණ්ඩපය ලෙස 1997 වසරේ දී ස්ථාපනය කෙරිණ.

වව්නියා මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කරන ලෙස සිසුහු සහ ආචාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක සිට ඉල්ලා සිටියහ. එය සැලකිල්ලට ගත් රජය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව උසස් අධ්‍යාපනය නගා සිටුවීමේ වැඩසටහන යටතේ දේශන ශාලා, පීඨ ගොඩනැඟිලි, ක්‍රීඩාපිටි ඇතුළුව නවීන පහසුකම් සහිත සුහුරු විශ්වවිද්‍යාලයක් ලෙස “වව්නියාව විශ්වවිද්‍යාලය” සංවර්ධනය කළේය.

වව්නියාව මණ්ඩපය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීම සනිටුහන් කරමින් එහි සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාලීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සහ සහජීවන මධ්‍යස්ථානය ද සිසු අයිතියට පැවරීය.

තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් සමග අදහස් හුවමාරු කරගත් ජනාධිපතිවරයා තමන් ලබාගන්නා දැනුම තම ප්‍රදේශයටම ලබාදීමට හැකි වෙතොත් එමගින් තමන් උපන් ප්‍රදේශයටත් රටටත් විශාල මෙහෙවරක් සිදුකළ හැකි බව කියා සිටියේය.

අනාගතයේ සිදුවන සමාජ වෙනස්වීම්වලට ඔරොත්තු දෙන බුද්ධිමතුන් අධ්‍යාපනයෙන් සමාජගත කිරීම රජයේ බලාපොරොත්තුව බව උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රටක් බලවත් වීමට නම් එම රටේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් විය යුතු බවත් එය ඉතා ඵලදායී ආයෝජනයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජාතික අධ්‍යාපනය නගාසිටුවීමට රජය ප්‍රමුඛතාව ලබාදී ඇති බව පැවසීය.

මේ වන විට විශ්වවිද්‍යාලවලට වාර්ෂිකව ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ නංවා තිබේ. විශ්වවිද්‍යාල නේවාසිකාගාර ඇතුළු සෙසු අවශ්‍යතා සපුරාලමින් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමානුකූලව ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා පැවසීය.

කලා අංශයෙන් අධ්‍යාපනය හදාරන සිසුන්ටත් ඉංග්‍රීසි භාෂාව, තොරුතුරු තාක්ෂණ දැනුම ලබාදෙමින් විෂය මාලාව සමාජ අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සකස් කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය ගත් කඩිනම් වැඩපිළිවෙළ ජනාධිපතිවරයා ඇගයීමට ලක් කළේය.

ලෝකයේ ඉහළ රැකියා ඉල්ලුමක් ඇති ක්ෂේත්‍ර හඳුනාගනිමින් උගතුන් බිහිකිරීම කාලීන අවශ්‍යතාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා උසස් පෙළ සමත් සෑම සිසුවෙකුටම උපාධිය දක්වා අධ්‍යාපනය ලැබීමට අවකාශය සලසා දීම රජයක වගකීම බව ද පැවසීය.

නේවාසිකාගාරයේ දී, පන්තිකාමරයේ දී, ක්‍රීඩාංගණයේ දී, භෝජනාගාරයේ දී ජාතික සහජීවනය තම මිතුරාගේ හදවතේ ගොඩනැගීමට එක්වන ලෙස සියලු සරසවි සිසුන්ට ජනාධිපතිවරයා ආරාධනා කළේය.

විශ්වවිද්‍යාලයේදී ඇති කර ගන්නා බැඳීම ඉතා ප්‍රබල බවත්, එම ප්‍රබලතාව රටේ සංවර්ධනයේ දී මනා පිටිවහලක් වනු ඇති බවටත් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කළේය.

අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාදර් මස්තාන්, කුලසිංහම් තිලීපන්, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරු, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, සිසුහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 4
Previous Post

‘ප්‍රොටෙක්ට්’ සංගමයෙන් පොදු ස්ථාන විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් !

Next Post

වන අලියෙකු පහරදීමෙන් අයෙකු මරුට

editor

editor

Next Post

වන අලියෙකු පහරදීමෙන් අයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved