27 April 2024
#දේශීය

‘ප්‍රොටෙක්ට්’ සංගමයෙන් පොදු ස්ථාන විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් !

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් ප්‍රොටෙක්ට් ගෘහ සේවක සංගමයේ සාමාජිකාවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (10) දින හැටන් හා මස්කෙලිය නගර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වුණා.

එහි දී මස්කෙලිය, කලෛමගල් පෙර පාසල සහ මස්කෙලිය, ‘ලිට්ල් ෆ්ලවර්’ දිවා සුරැකුම් මධ්‍යස්ථානය යන ස්ථානවල දී විෂබීජහරණ කටයුතු සිදු කෙරුණු අතර මේ සඳහා ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී, සංවර්ධන නිලධාරී සහ අඹගමුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.රාජ්කුමාර් මහතා මහතා ද සහභාගි විය.

නැවතත් රට තුළ කොවිඩ් 19 වෛරසය විවිධ ප්‍රභේද බිහිකරමින් පැතිර යන අතර දෛනිකව වාර්තාවන ආසාදිතයන් ප්‍රමාණය ද ඉහළ යමින් තිබේ. නමුත් පොදු ස්ථාන විෂබීජ හරණය කරමින් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩපිළිවෙලක් සිදු වන බවක් නොපෙනේ. එබැවින් මූලික වශයෙන් පාසල්, පෙරපාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඔස්සේ ළමුන්ට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවධානම අවම කිරීම ප්‍රොටෙක්ට් ගෘහ සේවක සංගමයේ අරමුණයි.

වෙනත් දිනවල දී ගෘහස්ථ ශ්‍රමිකයන් ලෙස ගෘහයන්හි සේවය කරන ශ්‍රමිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලද මෙම ප්‍රජා සත්කාරය පිළිබඳව, ඒහි පැමිණ සිටි පිරිස් මෙලෙස අදහස් දැක්වීය.

එහි දී, මස්කෙලිය මැදවත්ත ග්‍රාම නිලධාරී සුදාකරන් මහතා කියා සිටියේ වෘත්තීය සංගමයක් ලෙස ‘ප්‍රොටෙක්ට් සංගමය’ විසින් දියක් කරන මෙම වැඩසටහන සාමාන්‍ය වෘත්තීය සමිතියක දක්නට ලැබෙන ස්වරූපය ඉක්මවා ගිය සුවිශේෂී මුහුණුවරක් බවයි. තව ද එම අවස්ථාවට සහභාගි වූ කඳුරට පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්. රාජ්කුමාර් මහතා කියා සිටියේ ගෘහස්ථ ශ්‍රමිකයන්ට යහපත් රැකියා කොන්දේසි දිනා ගැනීමට සටන් කරන අතරවාරයේ ප්‍රොටෙක්ට් සංගමයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මෙවැනි සමාජ සේවා ව්‍යාපෘති තමා විසින් අගය කරන බවයි. එමෙන් ම වැඩසටහනෙහි දී අදහස් දැක් වූ, කලෛමගල් පෙර පාසලේ ආචාරිනී කුමාරි මහත්මිය සඳහන් කළේ මේ දිනවල කුඩා දරුවන් රෝගී වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්නුම් කරන බැවින් ප්‍රොටෙක්ට් ගෘහ සේවක සංගමය විසින් සිදු කරන ලද මෙම වැඩසටහන ඉතා ප්‍රයෝජනවත් දෙයක් මෙන් ම ප්‍රදේශයේ වගකිවයුතු ආයතන වලට මෙය ආදර්ශයක් වන බවයි.

මෙම වැඩසටහනේ ආරම්භය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ වුවත් ඉදිරියේ දී දීපව්‍යාප්තව දියත් කිරීමට ප්‍රොටෙක්ට් ගෘහ සේවක සංගමය බලාපොරොත්තු වෙයි.

 

පිටපත – PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *