ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) වෙත පවරාගත් කළුතර, බුලත්සිංහල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැඟිල්ලෙහි ආරම්භ කිරීමට නියමිතයි.
එම නව වෘත්තීය පුහුණු ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය ඊයේ දින (14) නිරත විය.
ඒ අනුව මෙම නව මධ්‍යස්ථානයේ දී, පරිගණක දෘඩාංග පාඨමාලාව, සුර්ය පැනල පද්ධති සවි කිරීමේ පාඨමාලාව , භාෂා අධ්‍යයන පාඨමාලාව, වැඩිහිටි සත්කාරකත්ව පාඨමාලාව සහ රුපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් පාඨමාලාව සමන්විතයි.
NVQ සුදුසුකම සහිත සහතික ලබාදෙන නව පාඨමාලා රාශියක් ආරම්භ කිරීමට නියමිත අතර පාඨමාලා අධ්‍යයන කටයුතු එළඹෙන මැයි මස වනවිට ආරම්භ කිරීමට සියලු කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා විසින් නිලධාරීන් හට උපදෙස් ලබා දෙන ලදී.
තවද, පාසල් හැරගිය සිසු සිසුවියන් සහ අවිධිමත් අධ්‍යාපනය ලැබූ සියලුමදෙනාට මෙම අමාත්‍යංශය යටතේ ඇති සියලුම තෘතීයික හා වෘත්තීය ක්ෂේත්රයේ ආයතනයන් පිළිබඳ දැනුවත් කිරීම සහ වෘත්තීය මාර්ගෝපදේශන ලබාදෙන මධ්‍යස්ථානයක් ද (Career Guidance Center) One TVET සංකල්පය යටතේ මෙම මධ්‍යස්ථානයේ ම ඇරඹීමට නියමිතය.
මෙම අවස්ථාව සඳහා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි අනූප පැස්කුවෙල් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි මංජු ලලිත් වර්ණකුමාර මහතා, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති එරංග බස්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.