27 April 2024
#දේශීය

මාතලේ තේරු උත්සවය චාරිත්‍රවලට පමණක් සිමා කෙරේ

‍මෙවර මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික තේරු උත්සවය ඉතා සීමිත බැතිමතුන් පිරිසක් සහභාගීවන ආගමික චාරිත්‍රවලට පමණක් සීමා කෙරුණු උත්සවයක් ලෙස පැවැත්වීමට තීරණය කොට තිබේ.

ඒ අනුව මේ මස 17 රාත්‍රී 9. 00 සිට 18 දා පාන්දර 5.00 දක්වා පැවැත්වෙන තේරු රථ විථි සංචාරය කරවීමට තේරු රථ පහ සඳහා කොවිඩි එන්නත් තුනම ලබාගත් බැතිමතුන් 700 දෙනෙකුට පමණක් ඉඩ ලබාදීමට නියමිය.

මෙහිදි තේරු රථ සඳහා පූජා ලබා දීමට කිසිවෙකුටත් ඉඩ නොලැබෙන අතර කෝවිලේ පූජාවට පැමිණෙන බැතැමතුන් කෝවිඩ් එන්නත් තුනම ලබාගෙන ඇති බව තහවුරු කළ යුතුය.එසේ නොපැමිණෙන බැතිමතුන් හරවා යැවීමට සෞඛ්‍ය අංශ සහ පොලිසිය විසන් පියවර ගන්නා අතර එක් වරකට කෝවිල් පරිශ්‍රයට ඇතුවිය හැකි වන්නේ බැතිමතුන් 50 දෙනෙකුට පමණය.

මේ තොරතුරු අනාවරණය වූවේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ තේරු උත්සවය සම්බන්ධයෙන් මෙම 14 මාතලේ දිසා ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදීය.

මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ,පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක,මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම් දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය විසින් කැඳවා තිබිණි.

මේ අවස්ථාවට මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ්,මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) නිශාන්ත කරුණාරක්න,අත්රේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) චමිලා අතපත්තු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක,දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමින්ද වීරකෝන්,මාතපේ ප්‍රාදේශීය ලේකම් මාදවී හිඳගොඩ මහත්ම මහත්මීන් සහ ශ්‍රී මුත්තු මාරී අම්මාන් කෝවිලේ සභාපති විග්නේෂ්වරා සර්වානන්දම් මහතා ඇතුලු පාලක මණ්ඩල නිලධාරීන් සහභාගී වූහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *