27 April 2024
#දේශීය

රබර් සංවර්ධන වැඩසටහන් රැසක්

විල්ගමුව විශේෂ රබර් ව්‍යාපෘතියේ රබර් වගාකරුවන් දැනුවත් කිරීමේ හා චෙක්පත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් රබර් සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් මාධව වර්ණකුලසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරගහඋල්පත,නාගොල්ල යන වසම් කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ කොට ඇති මෙම රබර් වගා ව්‍යාපෘතියේ ගොවින් දැනුවත් කිරිම හා ඔවුන් වෙත චෙක්පත් ප්‍රදානය මෙහිදි සිදුවිය.

මෙම අවස්ථාවට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් ඩි.එම්.ඩබ්.ටි.යු.දිසානායක ,කෑගල්ල රබර් සංවර්ධන ප්‍රාදේශීය අධ්‍යක්ෂ ශාමලි පියතිස්ස , මොරගහඋල්පත, නාගොල්ල වසම් හි වසම් භාර නිළධාරින් හා කෑගල්ල රබර් සංවර්ධන ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරින්, මොරගහඋල්පත, නාගොල්ල වසම් හි රබර් ගොවින් රැසක් මෙම අවස්ථාවට එක්විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *