• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බුද්ධිමය දේපළ (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි

9 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) යනාදී මෙරටට භූගෝලීය පරිසරයට ආවේණික වටිනාකමකින් යුතුව සිදුකරන නිෂ්පාදනවල ව්‍යාජ අනුකරණයන් නැවැත්වීමේ අරමුණින් ඉදිරිපත්කළ බුද්ධිමය දේපළ (සංශෝධන) පනත ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

සිලෝන් ටී , සිලෝන් සිනමන් වැනි භූගෝලීය දර්ශක ලෙස හදුන්වන නිෂ්පාදන ව්‍යාජ අනුකරණයන් නැවැත්වීම සදහා නෛතික රාමුව මේ අනුව ශක්තිමත් වේ.

වෙළද අමාත්‍ය (ආචාර්ය) ගරු බන්දුල ගුණවර්ධන මහතා පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් දැක්වූ භූගෝලීය දර්ශක ලෙස මෙම නිෂ්පාදන එනයින්ම ලියාපදිංචි කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් බුද්ධිමය දේපළ පනතෙහි ඇතුළත්ව නොතිබූ බැවින් ඒවා මෙතෙක් ලියාපදිංචිය සිදුවූයේ වෙළද ලකුණු විෂය යටතේ සහතික ලකුණු (Certificate marks) ලෙසය. මේ අනුව සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) , සිලෝන් පෙපර් ( Ceylon Pepper), සිලෝන් කැෂු ( Ceylon Cashew) වැනි නිෂ්පාදන ඉදිරියේදී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන අතර එමගින් මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක් ස්ථාපනය වීමද සිදුවේ.

පාර්ලිමේන්තුව අද පෙ.ව 10.00 ට රැස්වූ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ ( තාවකාලික විධිවිධාන) සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ලැබුණු පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගරු කථානායකවරයා නිවේදනය කළේය. එසේම පසුගියදා විවාද කොට පාර්ලිමේන්තුවේදී සම්මත වූ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනතට ගරු කථානායකවරයා පසුගිය 2 වනදා සිය සහතිකය සටහන් කළ බවද සභාවට දැනුම් දුන්නේය.

පෙ.ව 10.00 සිට 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන් වූ අතර අනතුරුව ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් කාන්තාවට මුහුණදීමට සිදුව ඇති සමකාලීන සමාජ ගැටලු පිළිබඳ විමසන ලදී. එසේම ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ද පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණය වූ කරුණු පිළිබද ආණ්ඩුව ගෙන ඇති පියවර පිළිබද සිය ප්‍රශ්න ඉදිරිපත් කළ අතර අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා ඊට පිළිතුරු ලබා දුන්නේය.

ඉන්පසු ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්ව තිබිණි. ඒඅනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කපිල අතුකෝරල මහතා කන්තලේ සීනි කර්මාන්ත ශාලාව පපිළිබදව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගෙන් විමසා සිටියේය. එසේම වැඩබිමෙහි සිදුවන කාන්තා හිංසනය පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගෙන් විමසන ලදී.

අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගීතා කුමාරසිංහ මහත්මිය විසින් දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩිකිරීම සහ කාන්තාව සවිබල ගැන්වීම පිළිබඳ ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව හෙට (09) පෙ.ව 10.00 දක්වා කල් තැබීම සිදුවිය.

 

 

 

Post Views: 2
Previous Post

ලක්ෂ 40 ව්‍යාපෘති ගැටලු රැසක් උකුවෙල

Next Post

රන් සම්මාන ඇතුළු සම්මාන 250කින් වර්ණවත් වූ සදාහරිත සම්මාන රාත්‍රිය සාර්ථකව නිමාවට පත්වේ

editor

editor

Next Post

රන් සම්මාන ඇතුළු සම්මාන 250කින් වර්ණවත් වූ සදාහරිත සම්මාන රාත්‍රිය සාර්ථකව නිමාවට පත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025
මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025

Recent News

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025
මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

මෝටර් රථ 3000ක් සමඟින් නැවක් ගිනි ගනියි

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved