27 April 2024
#දේශීය

ලක්ෂ 40 ව්‍යාපෘති ගැටලු රැසක් උකුවෙල

ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහනට සමගාමීව ප්‍රාදේශිය සභාවේ කොට්ඨාශය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සදහා ග්‍රාමිය යටිතල පහසුකම් වැඩි දියුණු කිරිම සදහා සිය කොට්ඨාශය වෙත ලබා දුන් රුපියල් ලක්ෂ 40 ක්‍රියාත්මක කිරිමේදි තමන් ගැටලු රැසකට මුහුණ දි ඇති බව උකුවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රිවරු ඉකුත්දා පැවති මාසික මහ සභා රැස්විමේදි පැවසිය.

උකුවෙල ප්‍රාදේශිය සභාවේ සභාපති (එ.ජ.නි.ස) ඩි.ඩබ්.චේතියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික මහ සභා රැස්විම පැවති අවස්ථාවේදි මෙම කරුණු අනාවරණය විය.

මෙහිදි අදහස් දැක්වු මන්ත්‍රි (ශ්‍රි ලං.පො.පෙ) සිසිර ජයම්පති ඇටිපොල මහතා කියා සිටියේ කොට්ඨාශයට රුපියල් ලක්ෂ 40ක් වෙන් වුණා කියලා අපි ලොකුවට ජනතාව කියලා යෝජනා ගත්තා.නමුත් දැන් වෙලා තියෙන්නේ වෙන දෙයක්.නිලධාරින් කියනවා ඒ සල්ලි දෙන්න බැහැ කියලා.නිලධාරින් එක එක විදිහට වැඩ කරන්නේ.අපේ අයිතින් කප්පාදු කරලා තියෙන්නේ.අපි දාන යෝජනා නෙවේ ක්‍රියාත්මක වෙන්නේ.අපි කුක්කෝ බවට පත් කරලා තියෙන්තේ.දැන් කාර්තුවක කතාවක් කියනවා.චක්‍ර ලේඛන ගැන කතා කරනවා.අපි යෝජනා හදනකම් මේ එකක්වත් කියන්නේ නැහැයි ද මන්ත්‍රිවරයා පැවසිය.

අදහස් දැක්වු මන්ත්‍රි (ශ්‍රි ලං.පො.පෙ) ගාමිණි කුලතුංග මහතා කියා සිටියේ අපි ලොකුවට උත්සව තියලා මේවා පටන් ගත්තා.දැන් වෙන්නේ වෙන දෙයක්.බැසිල ්රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති විදිහට සල්ලි ලබා දුන්න එකට අපි ස්තුති වන්තවෙනවා.නමුත් නිලධාරින් කරන්නේ වෙන වැඩක්.මේ තියන නිලධාරිවාදය නිසා දේශපාලනඥයින් හොම්බෙන් යනවා.දේශපාලනඥයින් හාන්සි කරන තැනට නිලධාරින් වැඩ කරනවා.කොයි ආණ්ඩුවෙත් වෙන්නේ මේ දේ තමයි.බලය තියනකොට දේශපාලනඥයින්ට තෙරෙන්නේ නැහැ.ඒවා තේරුම් ගන්න ජනෙල්වල එල්ලෙන්න ඕන.අපි මිනිස්සු ඉස්සහර අසරණ තත්වයට පත්වෙනවා.අපි ලක්ෂ 40ක යෝජනා සදහා ඉවරවෙලා දැන් දෙනවා කියන්නේ ලක්ෂයයි දෙකයි.ඒකෙන් මොනව කරන්නද? යැයිද මන්ත්‍රිවරයා පැවසිය.

අදහස් දැක්වු විපක්ෂ නායක(ශ්‍රි ලං.පො.පෙ) සමන්ත ධර්මසේන මහතා කියා සිටියේ එක් කොට්ඨාශයක් සදහා රුපියල් ලක්ෂ 40ක මුදලක් වෙන් වුණා.නමුත් චක්‍ර ලේඛනයට අනුව යටිතල පහසුකම්, සුබසාධන,පරිසර,ජිවනෝපාය සංවර්ධන වැනි ව්‍යාපෘති සදහා ප්‍රතිශතයක් ලෙස වෙන් කළ යුතුයි.නමුත් දැන් එක් කාර්තුවක් සදහා තමයි ප්‍රතිපාදන ලැබෙන්නේ.මේ තත්වය නිසා ගැටලු රැසක් ඇති වෙලා.ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සිටින නිලධාරින් දෙතුන් දෙනෙක් හිතාගෙන ඉන්නේ එයාළගේ සාක්කුවෙන් මේ සල්ලි දෙන විදහට තමයි කටයුතු කරන්නේ.එසේ සිදු නොවිය යුතුයි.අපි මේ පිළිබදව සම්බන්ධිකරණ කමිටුවේ කතා කළ යුතුයි.මම උප සභාපති විදිහට කතා කළා.යැයිද ඒ මහතා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *