සෑම වසරකම මාර්තු මස දෙවන සති අන්තයේදී ලොව පුරා ජාත්‍යන්තර ග්‍රහලෝකාගාර දිනය සමරනු ලබයි. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් දීපා ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ලබන 12 වන සෙනසුරාදා කොළඹ 07 ශ්‍රී ලංකා ග්රහලෝකාගාරයේදී සැමරුම් උත්සවය පැවැත්වීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සැලසුම් කර ඇත.
ඒ් අනුව එදින පෙරවරු 10.00 සිට 13 ඉරිදා පෙරවරු 06.00 දක්වා විශේෂ වැඩසටහන්, දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර ඇත.
ග්‍රහලෝකාගාර ඉතිහාසය හා එහි විකාශය පිළිබඳව මාර්ගගත දේශනයක් ආරම්භයේ දී පැවැත්වේ. පසුව විශේෂ ග්‍රහලෝකාගාර දර්ශන 4ක් පැවැත්වීමට නියමිතය. ජල රොකට් නිර්මාණය පිළිබඳව ප්‍රයෝගික දේශනයක් සහ ගුවන්ගත කිරීමේ සංදර්ශයක් සංවිධාන කර තිබීම විශේෂ අංගයකි. ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් පවත්වන ලද “Astro IT – 2020” පාඨමාලාවට අදාළ සහතික ප්රදානය කිරීම එදින පස්වරුවේ දී සිදු කෙරේ. සැමරුම් උත්සවයේ සුවිශේෂීම අවස්ථාව වන්නේ රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර පැවැත්වීමයි. එදින (12) රාත්‍රී 8.00 ට ආරම්භ වී පසු දින (13) පෙරවරු 6.00 දක්වා රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුර ක්‍රියාත්මක වෙයි.