රටේ ජනතාව මුහුණ පා ඇති තත්වයෙන් ගොඩ ගැනීමට රටේ සෑම ප්‍රදේශයකම ජිවනෝපාය සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ආරම්භකළ යුතු බව කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (30) පැවැති සංවර්ධන කම්ටු රැස්වීමේදිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා අද වන විට රටතුළ ජලවිදුලි නිෂ්පාදනයේ පවතින ගැටළු හේතුවෙන් ජනතාවට විදුලිය ලබා දිය නොහැකි තත්වයක් උද්ගතවි ඇති අතර එම අර්බුධය විසදා ගැනීමට නම් විකල්ප විදුලි නිෂ්පාදන ව්‍යාපෘති වලට යොමු වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
ඒ අනුව පුනරීන් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත පුනකරි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සදහා අනුමැතිය ලබා දිය යුතුව ඇති අතර සුළං බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදි ප්‍රදේශයේ මුහුද හා කලපු ආශ්‍රිතව මත්ස්‍ය අභිජණනයට යම් බාධාවක් පවතින බවට ධීවර ප්‍රජාව අතර මතයක් ගොඩ නැගෙමින් පවතින බවත්, ඒ පිළිබදව සොයාබලා වාර්තාවක් ලබා දෙන ලෙස ජලජීවී විද්යත්ඥයින්ට තමන් උපදෙස් ලබා දී ඇති බවත්, එම වාර්තාව ලැබීමෙන් අනතුරුව සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීම තම අපේක්ෂාව බව හෙතෙම පැවසීය.
මෙයට අමතරව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ඉඩම් ලබාදීමේදි ඉඩම් ප්රතිසංස්කරන කොමිෂමට අවශ්‍ය ආකාරයට ඉඩම් ලබාදීමට නොහැකි බවත් යම් පුද්ගලයකුට හෝ ව්‍යාපෘතියකට ඉඩම් ලබාදීම සිදු නොකළ යුතු අතර දිස්ත්‍රික්කයේ ඉඩම් එම දිස්ත්‍රික්කය පුරා සිටින ජනතාවට ජීවත්වීම සදහා ලබාදිය යුතු අතර පිටස්තර ජනතාවට ලබා දීම සිදු නොකළ යුතුය.
මේ අතර පවතින තත්වය හමුවේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කුකුළු ගොවිපොළ පවත්වාගෙන යන වගා කරුවන්ට අවශ්‍ය කුකුළු කෑම නොමැති වීම පිළිබදව ද සංවර්ධන කමිටුවේ අවධානයට යොමු වු අතර ඒ සදහා කඩිනමින් විසදුම් ලබාදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.