27 April 2024
#දේශීය

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මීගමුවේදී නාවික හමුදා භාරයට

මීගමුව, දූව කළපු ප්‍රදේශයේ අද (31) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 249 ග්‍රෑම් 900 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ කුඩා කාර් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය හා ඊට අනුයුක්ත මැරීන් බලඝණ කණ්ඩායමක් එක්ව අද මීගමුව, දූව කළපු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී.

එහිදී කුඩා කාර් රථයක් මඟින් ප්‍රවාහනය සඳහා සුදානම් කර පාර්සල් 110ක් වශයෙන් අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 249 ග්‍රෑම් 900 කට ආසන්න තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම කුඩා කාර් රථය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

 

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයටගත් කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 75ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

මෙලෙස නාවික හමුදා භාරයටගත් සැකකරුවන් වයස අවුරුදු 30ක් සහ 47ක් වන මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ කුඩා කාර් රථය ඉදිරි විමර්ෂණ කටයුතු සඳහා වලාන පොලිස් දුෂණ මර්ධන ඒකකය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

 

Navy grabs two suspects with Kerala cannabis worth about Rs. 75 million in Negombo

 

Sri Lanka Navy seized about 249kg and 900g of Kerala cannabis, during a special operation conducted in the lagoon area of Duwa, Negombo today (31st March 2022). The operation also led to the apprehension of a car and 02 suspects involved in the racket.

 

Sri Lanka Navy has been conducting regular operations to thwart smuggling of drugs and other forms of illegal activities. Accordingly, SLNS Kelani in the Western Naval Command together with SLN Marines attached to the establishment conducted this operation in the lagoon area of Duwa, Negombo today. The special operation paved the way to seize about 249kg and 900g of Kerala cannabis, made ready to be peddled by a car and the consignment was in 110 packages. The Navy also nabbed 02 suspects involved in this illegal act and a car used to transfer narcotic substances.

 

The street value of seized stock of Kerala cannabis is believed to be about Rs. 75 million.

 

The suspects held in this operation are residents of Pesalai in Mannar, aged 30 to 47. The accused, together with Kerala cannabis and the car were handed over to the Walana Police Anti-Corruption Unit for onward legal proceedings.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *