• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිස්ටම් චේන්ජ් එකක් වගේම නිර්පාක්ෂිකයින්ගේ අරගලයට සාධාරණයක් අවශ්‍යයි – දුමින්ද දිසානායක

15 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝල්ෆේස් එකේ අලුත් නම තමයි “ගෝ ගෝටා ගම ” වී ඇති අතර රට තුල ගොඩ නැගි ඇති අරගලයකට යම්කිසි සාධාරණයක් මෙන්ම සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා,” ගෝල්ෆේස් එකේ අලුත් නම තමයි “ගෝ ගෝටා ගම “, එතන තරුණයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, වෘත්තිකයෝ ඉන්නවා, විද්වතුන් ඉන්නවා, කළාකරුවන් ඉන්නවා.මේ හැම දෙනාම විශාල ප්‍රමාණයක් ඉන්නවා.මේ සියලු දෙනාගේම බලාපොරොත්තුව වෙලා තියෙන්නේ මේ රටට සාධාරණයක් කිරීම.එතන තියන සටන් පාඨ දිහා බැලුවම සමහර වෙලාවට ඒ සටන් පාඨ හරිද වැරදිද කියන එක පිළිබඳව මත තියෙන්න පුලුවන්.හැබැයි පොදු මතයක් වෙලා තියෙන්නේ මේ රටට යම්කිසි සාධාරණයක් කරන්න අවශ්‍යයි. සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි.ඒ වගේම මේ රටේ අනාගත දරුවන් වෙනුවෙන් හොඳ වැඩපිළිවෙලක් අනාගතයේ ඇති කරන්න අවශ්‍යයි කියන එක තමයි සමස්ථ හරය ගත්තම තියෙන්නේ.ඉතින් මම හිතන්නේ මේක නිර්දේශපාලනික භූමියක් හැටියට තමයි අපි දකින්නේ.ඒක සුජාත වැඩක්.ගෝල්ෆේස් එකේ සියලු හඬ ගත්තම රටේ සමස්ථ ජනතාව වෙනුවෙන් ඒ අය හඬක් නඟනවා මේ රටේ අනාගතය සුභාවාදී කිරීම වෙනුවෙන් යම් සාර්ථක හොඳ වැඩපිළිවෙලක්, හැමදාමත් මේ දේශපාලන පක්ෂ විදිහට තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් බොරු කියපු අවස්ථා තියෙනවා, ජනතාව රැවැට්ටූ අවස්ථා තියෙනවා. මේ හැමදේම තියෙනවා.මේ සියලුම දේශපාලනය ගෙනත් තියෙන්නේ කවුද? අවසානයේ බැලුවම මේ රටේ ඉන්න සමස්ථ මහජනතාවගේ වැඩි ඡන්දයෙන් තමයි, ජනාධිපතිවරු හදලා තියෙන්නේ, ආණ්ඩු හදලා තියෙන්නේ,මේ සියල්ලම කරලා තියෙන්නෙත් මේ රටේ මහජනතාව.හැබැයි අද රටේ ජනතාව නිර්දේශපාලනිකව, අපෙන් දෙයක්, දේශපාලඥයොන්ගෙන් දෙයක් ඉල්ලනවා, රටෙන් දෙයක් ඉල්ලනවා.මේ රට හරි තැනට ගෙන යන්න දැන් හරි අපි තීන්දුවක් ගමු කියලා.ඒ නිසා මං හිතන්නේ අපි ඒකට වටිනාකමක් ලබා දිය යුතුයි. මේ “ගෝ ගෝටා ගම “, එහෙම නැත්නම් ගෝල්ෆේස් අරගලය නිර්දේශපාලනික වීම තුළ තමයි අපේ රටට සාධාරණයක් කරන්න පුලුවන්කම තියෙන්නේ.හැබැයි අද වෙන කොට පේනවා සමහර දේශපාලන පක්ෂ උත්සහ කරනවා මේක තමන්ගේ අරගලයක්, තමන්ගේ වැඩක්, තමන් තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා කියන්න.මේක තමන්ගේ කියලා කියන්න වුවමානවක් නෑ, මේ අරගලය තුළ ඉන්න සියලුම දෙනා මොන යම් හෝ පක්ෂයකට කතිරය ගහලා තියෙනවා. ගිය මැතිවරණය ගත්තොත් එහෙම සමහර වෙලාවට ගෝඨාභය මහත්තයාට වෙන්න ඇති, සමහර විට සජිත්ට වෙන්න ඇති, සමහර විට අනුර කුමාරට වෙන්න ඇති, මේ හැමෝටම කතිරය ගහපු අය තමයි අද ඇවිත් කියන්නේ මේ භූමිය සුජාත භූමියක් කරගෙන මේ රට අනාගතයේ හොඳ රටක් බවට පත් කරන්න හරි ක්‍රමවේදයක්, හරි වැඩපිළිවෙලක් හදමු කියලා.ඒ නිසා මෙතන ඉන්න අයට දේශපාලන පක්ෂ තියෙනවා වගේම අපිටත් දේශපාලන පක්ෂයක් තියෙනවා.මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා විදිහට අපිත් කැමතියි මේ අරගලයේ නායකයා වෙන්න.හැබැයි අද අපිටත් එහා ගිහිල්ලා මේ රටේ සමස්ථ ජනතාව කියන්නේ රට හදමු දේශපාලනයෙන් තොර වෙලා, ඒ නිසා අපි පක්ෂ විදිහට තීන්දු කරන්න අවශ්‍යයි අපේ පක්ෂත් පොඩ්ඩක් පැත්තකින් තියලා, අපේ පුද්ගලික ගමන් පැත්තකින් තියලා, පුද්ගලික න්‍යාය පත්‍ර පැත්තකින් තියලා, පක්ෂයේ පුද්ගලික න්‍යාය පත්‍ර පැත්තකින් තියලා මේ රටේ සමස්ථ ජනතාව නියෝජනය කරමින් අද මේ සුජාත භූමියේ ඉන්න ජනතාව ඉල්ලන පණිවිඩයට අපි පක්ෂ විදිහට සාධාරණයක් නොකලොත්, ලොකු අසාධාරණයක්.ඒ නිසා අපි සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරනවා දේශපාලන මතිමතාන්තර පැත්තකින් තියලා මේ අරගලය තමන්ගේ අරගලයක් කර ගන්නේ නැතිව රට ඉල්ලන, ජනතාව ඉල්ලන මේ වැඩපිළිවෙල සාර්ථක කර ගන්න සියලුම දේශපාලන පක්ෂ සහයෝගය ලබා දෙන්න.එහෙම නැතිව එතන්ට ගිහින් මේක අපේ අරගලයකින් තමයි වෙන්නේ කියන එක නෙමෙයි අද රටේ ජනතාව ඉල්ලන්නේ.එතන ඉන්න අයත් කාට හෝ කතිරය ගහපු අය, මොන යම් හෝ පක්ෂයකට කතිරය ගහපු කට්ටිය, මොන යම් හෝ නායකයෝ හදපු කට්ටිය, හෑබැයි ඒ නායකයෝ හදපු, ආණ්ඩු හදපු සියලු දෙනා තීන්දු කරලා තියෙනවා දැන්වත් අපිට දේශපාලනයෙන් තොර වෙලා හිතන්න පුලුවන් මිනිස්සු ටිකක්අනාගතයේ මේ රට භාර ගන්න අවශයයි කියලා.දේශපාලනයෙන් තොර වෙලා මේ රටේ අනාගතය ගැන හිතන ක්‍රමවේදයන්, හොඳ දෙයක් මේ රටට වෙන්න අවශ්‍යයි කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ නිසා අපි සියලු දේශපාලන පක්ෂ වලින් ඉල්ලීමක් කරනවා අරගලය පිළිබඳ යම් යම් මත තියෙන්න පුලුවන්, අරගලයේ අයිතිකාරත්වය ගැනීම තුල අනාගත දේශපාලන ගමන් ගැන හිතන්න පුලුවන්, හැබැයි දැන් රට ඉල්ලන්නේ ඒක නෙමෙයි.ඒ නිසා සියලු දේශපාලන පක්ෂ වලට, සියලු දේශපාලන නායකයන්ට අපි ඉල්ලීමක් කරනවා සුජාත භූමියක් තුළ මේ ඇති වෙලා තියෙන අරගලය ජය ගන්න අවශ්‍යය සහයෝගය ලබා දෙනවා මිසක් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් මේ කළයුතු දේ අපි මේ වෙලාවෙදීවත් කරේ නැත්නම් අපි ආපස්සට ගිය ජාතියක් බවට පත් වෙනවා.ඒ නිසා සියලු දෙනාගෙන්ම අපි ඉල්ලීමක් කරනවා මේකට දේශපාලනය ගේනන එපා යැයි පැවසීය.

Post Views: 0
Previous Post

අවුරුදු දා පාපැදි අනතුරින් වයස අවුරුදු 13 ක ළමයෙකු මියයයි

Next Post

හොරකම රජයන පවුල් ආණ්ඩුව පන්නමු – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

හොරකම රජයන පවුල් ආණ්ඩුව පන්නමු - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved