27 April 2024
#දේශීය

අවුරුදු දා පාපැදි අනතුරින් වයස අවුරුදු 13 ක ළමයෙකු මියයයි

තඹුත්තේගම, අනුරාධපුර පාදෙණිය මාර්ගයේ බෙල්ලන්කඩවල ප්‍රදේශයේදී ඊයේ (14) පස්වරුවේ සිදු වු අනතුරකින් ලමයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ බෙල්ලන්කඩවල ප්‍රදේශයේ පදික මාරුවක් මතින් පාපැදියක් දකුණට හැරවීමට යාමේදී අනුරාධපුර දෙසට ධාවනය වු මෝටර් රථයක් පා පැදියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

එහිදී අනතුරට පත් පාපැදිකරු හා එහි ගමන්ගත් ළමයි දෙදෙනා බරපතල තුවාල ලබා තඹුත්තේගම රෝහලට ඇතුලත් කිරීමේ පිරිමි ලමයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පැවසිය.

මිය ගිය ළමයා වයස අවුරුද 13 ක් වු තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෝටර්රථ රියදුරුගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් රිය ධාවනට හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇති බවට පොලිස් විමර්ශනයේදී අනාවරණ වී තිබේ.

අනතුරින් තුවාල ලැබු පාපැදිකරු හා අනෙක් ළමයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත යවා ඇති අතර තඹුත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *