අපේ රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් වශයෙන් විදේශගත ශ්‍රමිකයිගෙන් ඩොලර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා උනන්දු කිරිමත්, අවශ්‍ය කටයුතු කිරිමටත් සියලුම රාජ්‍ය නිලධාරින් වග බලා ගත යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසවේ අද(29) මාතලේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම අවස්ථාවේ දී අපේ රටේ පවතින ඩොලර් අර්බුදයට පිළියමක් වශයෙන් විදේශගත ශ්‍රමිකයිගෙන් ඩොලර් මෙරටට ගෙන්වා ගැනීම සඳහා උනන්දු කිරිමත්,අවශ්‍ය කටයුතු කිරිමටත් සියලුම රාජ්‍ය නිලධාරින් වග බලා ගත යුතුයි. විදේශගතව මෙරට නව ව්‍යාපෘති,කර්මාන්ත ශාලා,ව්‍යාපාර හා නිශ්පාදන ආයතන අලුතින් ආරම්භ කරන විදේශිය ශ්‍රමිකයින්ට පුර්ණ සහයෝගය පළාත් සභාවෙන් හා පළාත් පාලන ආයතන තුලින් ලබා දීමටත් පහසුකම් සහන හැකි උපරිම ප්‍රමාණයෙන් ලබා දීමත් එමගින් විදේශිය ශ්‍රමිකයින් දිරි ගැන්වීමක් කළ හැකිය.මෙරටට ඩොලර් එවීමට උනන්දු කරවීම අපගේ වගකීමයි අමාත්‍ය රෝහන දිසානායක මහතා පැවසීය.
තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා විදේශිය ශ්‍රමිකයින් කෘෂි කර්මාන්තයේ යෙදීමට අවශ්‍ය නම් නව දැනුම ලබා දීමටත් ප්‍රාදේශීය සභා හරහා අවශ්‍ය පහසුකම් සළසා දීමටත් ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.