27 April 2024
#දේශීය

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Gharial’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් Landing Ship Tank වර්ගයට අයත් ‘INS Gharial’ නෞකාව අද (29) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘INS Gharial’ නෞකාව දිගින් මීටර 124.8 හා 170 ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් සුනිල් එස් පටිල් (Sunil S Patil) කටයුතු කරනු ලබයි.

‘INS Gharial’ නෞකාවේ අණදෙන නිලධාරී සහ නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අතර නිළ හමුවක් අද (29) පස්වරුවේ බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව ඇත.

මෙම නිල හමුවේදී, ‘INS Gharial’ නෞකාව මඟින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ අත්‍යාවශ්‍ය ‍ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් නිළ වශයෙන් භාරදීමටද නියමිතව ඇත.

තවද, ‘INS Gharial’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමෙන් අනතුරුව, එම නෞකාව මැයි මස මස 01 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

 

 

 

INS ‘Gharial’ arrives in Colombo

INS ‘Gharial’ – a Landing Ship Tank of the Indian Navy arrived at the port of Colombo today (29). Upon her arrival, Sri Lanka Navy welcomed the visiting ship in compliance with naval traditions.

The 124.8m long Landing Ship Tank is commanded by Commander Sunil S Patil and the ship is manned by 170 as the ship’s complement.

Meanwhile the Commanding Officer of INS ‘Gharial’ is expected to call on Deputy Chief of Staff and Commander Western Naval Area, Rear Admiral Upul De Silva at the Western Naval Command Headquarters this evening (29). During this meeting, a consignment of medical aid despatched from India is scheduled to be officially handed over to Sri Lanka.

During her stay in the country, the crew members of INS ‘Gharial’ are expected to take part in several programmes organized by the Sri Lanka Navy, with a view to develop camaraderie between two navies. The ship is scheduled to depart the island on 01st May 2022.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *