වත්මන් ජනපති සහ අගමැති ප්රමුඛ රජයට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති සිවිල් සංවිධාන ඇතුලු මහජනතාව විසින් ඊයේ(06)දා දියත් කළ හර්තාල් ව්‍යාපාරය නිසා මාතලේ නගරය ඇතුලු අනෙකුත් ප්‍රදේශවල සියලු කටයුතු අඩාව වි තිබුණි.
රාජ්‍ය ආයතනවල සේවක පැමිණිම අඩුවි තිබු අතර පාසල් ද වසා දමා තිබු අතර බොහෝ ආයතන වසා දමා තිබු අතර පෞද්ගලික බස් රථ ධාවනය විමක් සිදු නොවු අතර ලංගම බස් රථ පමණක් ධාවනය සිදු කෙරුණු අතර බස් නැවතුම්පොලවල් ද පාළු ස්වභාවයක් ගත්හ.
මාතලේ නගරයේ කඩ සාප්පු වසා දමා තිබු අතර ෆාමසි පමණක් විවෘත ව තිබු අතර ඇතැම් ව්‍යාපාරික ස්ථානවල කළු කොඩි දමා තිබු අයුරුද දක්නටු ලැබුණි.
මාතලේ ඔරලෝසු කණුව අසළදි මහජනතාව විරෝධතාවයකද නිරත විය.
මාතලේ මහේෂ් කිර්තිරත්න