27 April 2024
#දේශීය

හෙට හර්තාලයට අපි සම්බන්ධ නෑ.අපි වැඩ කරනව – පළාත් පාලන සේවක සංගමය කියයි

හෙට හර්තාලයට අපි සම්බන්ධ නෑ.අපි වැඩ කරනවා”පළාත් පාලන සේවක සංගමය පවසයි.

හර්තාලය පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන සේවක සංගමය සම්බන්ධීකරණ ලේකම් එස්.ඒ .ආනන්ද මහතා පවසා සිටියේ රටේ අද පවතින දුෂ්කරතා හමුවේ අප විසින් කළ යුත්තේ රට ගොඩ නැංගීමට උර දීමයි.ඒ නිසා අපි සියළුදෙනා හෙට දිනයේ (06) රාජකාරි කටයුතු වල නිරත වීමට තිරණය කළා.අපි සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කරන්නේ නැහැ.ඒ වගේ මේ අවස්ථාවේ අපේ යුතුකම අපි ඉටු කරනවා යි,යනුවෙනි.

“රාජ්‍ය සේවයකයන් ලෙස අප මේ අවස්ථාවේ දී හර්තාලයට එක්වන්නේ නෑ කියලා තීරණය කළා.රට ඉතා අගාදයක් වැටුණු අවස්ථාවක අපි හැමෝම එකතුවෙලා රට ගොඩ නැගිය යුතු අවස්ථාවක වැඩ වර්ජනයකට යාම සුදුසු නැහැ.මේ අරගල වලින් තවත් අපහසුතාවයට පත් පත්වෙන්නේ අපේ සාමාන්‍ය ජනතාවයි.ආණ්ඩු විරෝධි වෙලා රටට තවත් බරක් වෙන්න අපිට බෑ.ඒ නිසා සියළු ජනතාවගෙන් ඉල්ලනවා හෙට දවසේත් අප අපේ රාජකාරිය කරමු.යි,යන්න පළාත් සභා හා පළාත් පාලන සේවක සංගමයේ විධායක සභික ජයන්ත විජේසිංහ මහතා පැවසීය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *