27 April 2024
#දේශීය

හර්තාල් ව්‍යාපාරයට සහභාගීවන්නන්ගේ වැටුප් කපන්නේ නෑ – ජනාධිපති මාධ්‍ය 

හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදු කර නොමැති අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාල අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *