• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විපක්ෂය ආණ්ඩුව භාරගන්නවානම් ඇමැතිකම අතහරින්න සුදානම් – ඇමැති ප්‍රසන්න

6 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විපක්ෂයට ආණ්ඩුව භාර ගන්න කැමැතියි නම් ඇමැතිධූර අත් හැරීමට ඕනෑම වෙලාවක සූදානම් යැයි සංචාරක මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය. ” මුදල් ඇමැතිතුමා කිසිවක් නොසගවා රට හමුවේ ඇති ආර්ථික අරුබුදය ගැන මේ සභාව දැනුවත් කළා. අද රටේ තත්ත්වය පිළීබද ඇත්ත තත්ත්වය පිළිබදව මේ සභාවට හෙළි කළා. මේ කතා කරන අපි සියලු දෙනාම අපේ හිතට එකගව සද්භාවයෙන් රටේ උන්නතිය සදහා කතා කරනවාද කියන එක මට ගැටලුවක්. මේ හැමෝම කතා කරන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයකට. හැබැයි මතක තියාගන්න, සියලුම ආණ්ඩු කරපු පවු තමයි අද අපිට කරගහන්න වෙලා තියෙන්නේ. අනුන් කරපු පව් තමයි ආන්ඩුවට කර ගහන්න වෙලා තියෙන්නේ.සමහරු මුදල් ඇමැතිතුමාගේ ප්‍රකාශයට වැරදි අර්ථකතන දෙනවා. විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු දරුවන්ට හරි මාර්ගය පෙන්වනවා වෙනුවට වෛරය උගන්වන තැනකට පත්වෙලා. මේ මහ පාරවල තවතවත් අර්බුද ඇති කරලා ඩොලර් ලැබෙනවා නම්, ප්‍රශ්නයට විසදුමක් ලැබෙනවා නම් කමක් නැහැ.අද රටම හර්තාලයකට පත්කරලා.මේවාට දේශපාලනපක්ෂ වගකියන්න ඕනේ. මෙතන කාටවත් ඒවාට සම්බන්ධ නැහැ කියන්න බැහැ. එළියට ගිහින් මිනිස්සුන්ව අවුස්සලා මෙතනට ඇවිත් කියනවා මෙහෙම කලාම රට තව වැටෙනවාලු. පහුගිය දවස්වල ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්විමක් තිබුණා. පක්ෂ නායක රැස්වීමේදී මෙතන ඉන්න සියලුම පක්ෂ නායකයෝ ඉල්ලීමක් කලා මෙතනට එන සෑම මන්තීවරයෙක්ගේම ආරක්ෂාව සපයන්න කියලා. පාරවල නිදහසේ ගමන් කරන්න අවස්ථාව හදලා දෙන්න කිව්වා. ඒ අනුව ඔබතුමා පොලීසියෙන් ඉල්ලීමක් කලා පාර්ලිමේන්තු මන්තීවරුන්ගේ වරප්‍රසාද රැකෙන ආකාරයට කටයුතු කරන්න කියලා. අපි දැක්කා මෙතනින් මන්ත්‍රීවරු එනකොට හූ කිව්වා. පොලීසිය ඇවිත් අත් අඩංගුවට ගත්තාම විපක්ෂයේ මන්ත්‍රීවරු යනවා බේරාගන්න.

අම්මලා තාත්තලා කනකර අගස්කරලා දරුවන්ව විශෟව විද්‍යාලයට යවන්නේ. අද ඒ ළමයි මෙනවාද කරන්නේ. ඊයේ දවසේ මොනවාද කලේ. ඒ ළමයිව කවුද මෙහෙයවන්නේ. රඹුක්කන වගේ සිද්ධියකන් වුණා නම් කවුද වගකියන්නේ. පොලීසිය ඉවසිලිවන්තව මේ තත්ත්වයට මුහුණදීම ගැන ස්තූතිවන්ත වෙනවා. අද අපිට ලොකු වගකීමක් තියෙනවා. අනුනායක හාමුදුරුවෝ, කාදිනල් හිමියෝ, රටේ බුද්ධිමතුන් ඉල්ලීමක් කලා. නීතීඥ සංගමය යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරලා රටේ ආර්ථිකය ගොඩ ගන්න කියලයි ඒ අය ඉල්ලන්නේ.

විපක්ෂ නායකතුමා කැමතිද , අනුර කුමාර මැතිතුමා කැමැතිද සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඒ කවුරුවත් කැමැති නැහැ මේ අර්බුදකාරී වෙලාවේ රට ජනාධිපතිතුමා කිව්වා. අගමැතිතුමා ප්‍රකාශයක් කළා කවුරු හරි රට භාර ගන්නවා ඇවිත් භාර ගන්න කියලා. අපි මේ අමාත්‍යධූරවලින් අයින් වෙන්න සූදානම්. මේ පාර්ලිමේන්තුව තුළ වඩා හොදට කරන්න කැමැති කණ්ඩායමක් ඉන්නවා නම් අපි එලියට බහින්න. හැබැයි භාර ගන්නේ නැහැ. මේ අයට ඕනේ රට තවතවත් ආගාධයට යවන්න. පහුගිය කාලේ වුණු දේවල් අපි දැක්කා. කොවිඩ් වෙලාවේ ජනාධිපතිතුමා රට වැහුවා. රට විවෘත කරන්න කියනකොට රට විවෘත කළා. සංචාරකයෝ එන්නේ නැති වුනාම මම පෞද්ගලිකව මැදිහත්වෙලා රට විවෘත කරන්න කිව්වා. රට විවෘත කරන කොට කිව්වා කොවිඩ් හදලා මිනිස්සු මරන්න හදනවා කියලා. අපි රට විවෘත කළාම වෘත්තීය සමිති මැදිහත්වෙලා වෙළෙද සංගම්වලට බලපැම් කළා කඩ වහන්න කියලා. ඒ හැමදේකින්ම උනේ ආර්ථීකය කඩා වැටෙන එක. ඒ වගේ අමාරු වෙලාවක පක්ෂ ජාති ආගම් භේදයකින් තොරව ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න කටයුතු කළා. ගෙදරට කෑම පාර්ශලය යැව්වා. රුපියල් 5000, 10000 දුන්නා. එන්නත් දුන්නා. නේවාසිකව ගත කරන්න පහසුකම් දුන්නා. අද මේ විදියට උද්ඝෝෂණකරුවන්ට පාරවල් ගානේ යන්න පුලුවන් වුනේ ඒ වැඩ පිළීවෙල නිසයි. අද චිනය වහලා. යුරෝපයේ රටවල් වහලා.

ඒ තුළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වුනා. ඒ නිසා අද ගෝඨා ගෝ හෝම්, හොරාගම කියන කොට ඒක 225ටම බලපානවා. විපක්ෂය සුදනෝ වගේ කතා කරනවා. මහ බැංකු හොරකම වෙලාවට සම්බන්ධ වුණු අය තමයි මෙතැන ඉන්නේ. විපක්ෂයේ කාටවත් කියන්න බැහැ අපි ඒකට සම්බන්ධ නැහැ කියලා. පාස්කු ප්‍රහාරයෙන් රට අසීරු තත්ත්වයට පත්කලා. වගකිම් බැහැර ඇරපු අය තමයි මෙතැන ඉන්නේ. අද සුදනෝ වගේ කතාව‍. විපක්ෂ නායකතුමා පහුගිය දවස්වල සංවේදීව කතා කළා. මමත් ඒ කතාවට සංවේදී වුණු. එතුමාගේ තාත්තා බෝම්බයෙන් මියගියාම එතුමා මුහුණ දුන්න තත්ත්වය කිව්වා. මමත් මිට පෙර කිව්වා 77 ගෙවල් ගිණි තියපුවාම අපි මුහුණ දුන්න තත්ත්වය. හැමෝම මේ වගේ තත්ත්වයන්ට මුහුණ දුන්නා. සජිත් ප්‍රේමදාස මහත්තයා පුතෙකුගේ වේදනාව හදවතින් කිව්වා. නමුත් එතුමා විදේශගතව අධ්‍යාපනය ලබමින් සිටි නිසා දන්නේ නැතුව ඇති තාත්තගේ කාලේ 60000ක් විතර මැරුවා. හැමුදුරුවරු අදනකඩය පිටින මැරුවා. සජිත් ප්‍රෙමදාස විපක්ෂ නයාකතුමාට තිබුණ ඒ සංවේදිතාවය ඒ පවුල්වල අයටත් තිබුණා.83 කළු ජූලිය වෙලාවේ අහිංසක අහිංසක දෙමල මිනිස්සුන්වත් මැරුවා. ඒ මිනිස්සුන්ගේ පවුල්වලටත් ඒ වේදනාව දැනුනා. බොහෝ දෙනෙක් රට හැරලා ගියා. අද මේ රටේ වෙන්නෙත් ඒ දේ. අපි 225 දෙනාටම ලොකු වගකීමක් තියෙනවා. පහුගිය කාලේ කවුරු හරි වැරදි කරන්න ඇති. දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි කැපවීමක් කරන්න ඕනේ. අපේ වත්කම් හා බැරකම් විගණන්ය කරන්න ඕනේ ඒ අයිතිය විගණන දෙපාර්තමේන්තුවට ලබා දෙන්න ඕනේ.

මේක තමයි සමාජයේ තියෙන වෛරය. සමාජය කතා කරන්නේ මේ 225ට පර්මිට් එක දෙන එක ගැන. වැටුප් ගන්න එක, කැන්ටිමෙන් කන එක ගැන. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ගැනම වෛරයක් මේ දේවල් නිසා ඇති කරලා තියෙන්නේ. හැබැයි කවුරුත් කතා කරනවාද? අපි අවුරුදු පහයි ඉන්නේ. මිනිස්සු ඡන්දය දුන්නොත් ආයේ ඉදියි. අපි දෙපැත්තට මාරුවෙනවා. ඒත් රාජ්‍ය සේවයේ හැමෝම එකතැන ඉන්නවා. රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් හැමෝටම වාහන පර්මිට් දෙනවා. විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ වැටුප කොහොමද? පර්මිට් දෙන්නේ නැද්ද? මිනිස්සු බනින්නේ පර්මිට් එක මන්ත්‍රීවරුන්ට දෙන එකට විතරයි. හෙට ඉදලා මට සමාජ මාධ්‍ය ගහයි. එහෙම කලා කියලා මම සැලෙන්නේ නැහැ. සමාජයට හිතන්න දෙයක් මම කියන්නේ.

අද ගිහින් බලන්න විශ්ව විද්‍යාල ඉදිරියේ තියෙන වාහන. ඒවායේ එන මහාචාර්යවනරුන්ට වගකිමක් තියෙනවා මේ දරුවෝ නිසි මගට ගෙනියන්න. පාඨමාලා ටික හදන්න. රට ගැන ආකල්පය වෙනසක් ඇති කරන්න. වෛරය පතුරවලා මේවා කරන්න බැහැ. මම දරුවෝ තුන්දෙනෙක්ගේ තාත්ත් කෙනෙක්. මම කැමැතියි මගේ දරුවන්ට හොදම අධ්‍යාපනය දෙන්න. මගේ දරුවෝ හොදම තැනක රැකියා කරනවා බලන්න. මෙතන ඉන්න හැම තාත්තාම එහෙමයි.

යහපාලන ආණ්ඩුව කාලයේ අනුර කුමාර මහත්තයාගේ දරුවා මිහින් ලංකා එකේ ඉදලා ශ්‍රී ලංකා දැම්මා. ඒ තාත්තා කෙනෙක් හින්ද. අනික් දරුවෝ ටික මහපාරට දාලා ඇවිද්දවනවා. මේවා සිදුනොවිය යුතු දේවල්. මම විපක්ෂයේ හිටියත් මම කැමැති නැහැ මගේ දරුවා පාරට ආණ්ඩු විරෝධී මතවාදයක ඉදලා කටයුතු කරනවාට.මේක රටක් වශයෙන් අපි හිතන්න ඕනේ කාලයක්. අපි එකුතු වෙලා කැප කිරීම් කරමු. ඇමැතිකම් වලින් අයින් වෙන්න අපි ලෑස්තියි. විපක්ෂ නායකතුමාට අපි ආරාධනා කරනවා එන්න අගමැතිකම භාර ගන්න. අනුර කුමාර මැතිතුමා එන්න මුදල් ඇමැතිකම භාර ගන්න. අපි උදව් කරන්නම්. රටේ ජනතාවට විනිවිද භාවයකින් වැඩ කරමු. එදාට මිනිස්සු කියයි මුන් 225 එකතු වෙලා රට ගොඩ දැම්මා කියලා.

මම සංචාරක ඇමැතිවරයා විදියට කොවිඩ්, පාස්කුවලින් පස්සේ සංචාරකයෝ ලංකාවට ගේන්න අපි වැඩ කළා. යුද්ධයෙන් පස්සේ ලක්ෂ 24ට වැඩි සංචාරක පැමිණීමක් තිබුණා. යුද්ධය කාලමෙ ලක්ෂ 4යි ආවේ. කොව්ඩ් ඉවරවෙලා කෙටි කාලයක් ඇතුළත අපි ලක්ෂය ඉක්මවලා සංචාරකයෝ ගෙන්නුවා. විදුලිය තිබුනේ නැහැ. සංචාරක අධිකාරිය හෝටල් ලියාපදිංචි කරන කොට විදුලිය නැති වෙලාවේ දුවන්න ජෙනරේටර් තියෙන්න ඕනේ කිව්වා. වාහනවලට ඩිසල් පෙට්රල් හොයා ගන්න බැරි වුනා. අවුරුදු 3ක් සංචාරක ව්‍යාපාරකය කඩා වැටුනාම මහ බැංකුවට ගිහින් ඒ අය වෙනුවෙන් අපි පෙනී සිටියා. පත්තර වල නොදැම්මට අපි කරපු දේ සභාපතිනිය ඇතුළු නිලධාරීන් දන්නවා. කෙටි කාලයක් තුල සංචාරකයෝ ආවා. විදුලිය කපන කොටත් 4000ක් ආවා. ජනාධිපති නිවසට ගැහුවා. ගෝඨා ගෝ හෝම් කියලා එකක් හදා ගත්තා. හර්තාල් කලා. අද වෙනකොට සංචාරකයෝ1000ට අඩු වෙලා. අපිට ඩොලර් ප්‍රශ්නෙට විසදුම් හොයන්න පුලුවන් වෙන්නේ සංචාරකයෝ ගෙන්වීම තුළින් පමණයි.

සංචාරකයෝ ආවාම බස් එකෙන් බස්සලා උද්ඝෝෂණ වලට සම්බන්ධ කර ගන්නවා. මේවා කලාම සංචාරකයෝ එයිද. අද එංගලන්තය සංචාරයට සුදුසු නැති රටක් කියලා. සමහර බටහිර රටවල් සංචාරකයට සුදුසු නැති රටක් කියලා. මේ කඩාකප්පල්කාරී වැඩපිළීවෙල තුල රට ගොඩ එන්නේ නැහැ. රටේ උන්තිය වෙනුවෙන් රටේ අනාගතය වෙනුවනේ අපි කටයුතු කරන්න ඕනේ. මම ඊයේ මෙතනින් යද්දි 5.30යි. පොලිස් නිලධාරීන් බත් එක බිම තියාගෙන කන්නේ.මේ කා වෙනුවෙන්ද. රටේ සාමය ඇති කරන්න.පොලිස් නිලධාරීන්ට ගහනවා.ඒ අයටත් පවුල තියෙනවා.දරුවෝ ඉන්නවා. තමන්ගේ තාත්තාට ගහන කොට ඒ දරුවන්ට වෛරයක් ඇති වෙන්නේ නැද්ද? මේ විදියට ගියොත් විරෝධතා කරුවන්ට එරෙහිව රැල්ලක් ඇති වෙනවා. ලක්ෂ ගානකට ඇවිත් පාර්ලිමේන්තුවේ තීන්දු ගන්න බැහැ. ඒ අයගේ නියෝජිතයෝ මෙතනට එන්නේ. ඒ අය එන්නේ තමන්ගේ අයගේ ප්‍රශෟන කතා කරන්න. තමන්ගේ නියෝජිතයින්ට බලපෑම් කරන්න. සමගි ජන බල වේගයේ නායකයින්ට බලකරන්න එකතු වෙලා වැඩ කරන්න කියලා. අනුර කුමාරට තැන් තැන්වල විරෝධතා කරන්න දෙයක් නැහැ. රට ගැන හිතන්න කියන්න.

අපි අවුරුදු 50 පැනලා ඉවරයි. අපේ දරුවන් වෙනුවෙන් අපි වැඩ කරන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. ජනතාව කියන දේට ඇහුම්කන් දෙන්න. ඒ අය හරි මාර්ගයට ගෙන ඒ අයගේ උදව් ඇතිව අපි රට ගොඩ ගන්න කටයුතු කරමුයි කියලා මම යෝජනා කරනවා. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

Post Views: 3
Previous Post

ආගමත් පාවා දුන් ද්‍රෝහියෙක් අසූ හත් හැවිරිදි මගේ මවටත් අපහාස කරනවා – විපක්ෂ නායක සජිත්

Next Post

මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහල, පාවට්කුලම් ප්‍රාදේශීය රෝහල් සඳහා නව ගොඩනැගිලිවල මුල්ගල් තබයි

editor

editor

Next Post

මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහල, පාවට්කුලම් ප්‍රාදේශීය රෝහල් සඳහා නව ගොඩනැගිලිවල මුල්ගල් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved