27 April 2024
#දේශීය

ආගමත් පාවා දුන් ද්‍රෝහියෙක් අසූ හත් හැවිරිදි මගේ මවටත් අපහාස කරනවා – විපක්ෂ නායක සජිත්

ඊයෙත් අදත් දින දෙක පුරා මේ සභාවත් රටත් නොමඟ යවමින් අසූ හත් හැවිරිදි තම මවට මඩ ගසමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කැලණි ගඟ දෙබෑ කරගෙන නාගරාජයා එනවා යැයි කිවූ කල්ලියෙ, මිත්‍යාව වපුරමින් රටට පැණි පොවපු කල්ලියේ, බොහොම දානය ද දානයද ආදාහනයද යන ගැටලුව වෙලාවේ තමන්ගේ ආගම පාවා දුන් ද්‍රෝහීයෙක් ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කරමින් අමූලික බොරු සමාජගත කරමින් සිටින බව ද ඒ මහතා පැවැසීය.

තමන්ට එල්ල කරන ඕනෑම මඩ ප්‍රහාරයක් හෝ බොරුවක් දරාගැනීමේ ශක්තිය තමන්ට ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ බොරුවලට හෝ අවලාද වලට තමන් රටේ දෙසිය විස්සක් ජනතාව සමඟ හිටගැනීම වැළැක්විය නොහැකි යැයිද පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *