පසුගිය 09 වනදා අරලියගහ මන්දිරයට පැමිණි පිරිස ගෝල්ෆේස්වලට එනවා කියලා කලින් දැනුවත් වුනේ නැති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
TTVnews.lk අප විමසා සිටියේ එදින එවැනි ප්‍රචණ්ඩකාරි තත්ත්වය ඇති වුයේ අරලියගහ මන්දිරයට පැමිණි පිරිස නිසා ඇති කල කලහකාරි තත්ත්වය හේතුවෙන් බවයි.
එයට පිලිතුරු ලබා දුන් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ තොරතුරු ලැබුනේ අරලියගහ මන්දිරයට පැමිණෙන බව පමණක් බවයි. එසේම ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදුවන අතර එම වාර්තාව කවදා ලැබෙනු ඇතැයිද තමා නොදන්නා බව ලේකම්වරයා කියා සිටියේය.
එසේම රටේ හමුදා පාලනයක් කිරීමේ සිතුවිල්ලක්වක් නොමැති බව හෙතෙම පැවසිය.
ලේකම්වරයා කියා සිටියේ එවැනි පාලනයක් ඇතිවන්නට අවස්ථාවක් නොමැති බවත් එය සිතන්නවත් එපා යැයි ලේකම්වරයා කියා සිටියේය.