• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

SLT සමූහය බාධක හමුවේ නැවතත් සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරයි

23 May 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය (SLT Group), ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා ලෙස, 2022 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ සිය පිරිවැටුම රු. බිලියන 26 දක්වා වර්ධනය කරගැනීමට සමත් වී තිබේ.

මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.4% ක වර්ධනයකි. සමාලෝචිත කාලසීමාව තුළ සමූහයේ බදු-පසු ලාභය රු. බිලියන 2.7 ක් ලෙස වාර්තා වීම, අභියෝගකාරී ආර්ථික තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සමූහය සතු ශක්‍යතාව මනාව පිළිබිඹු කරයි. නව වසර ආරම්භයේ සිටම සමූහය සිය ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ, පිරිවැය පදනම විධිමත් කිරීම සහ ක්‍රියාවලි ස්වයංක්‍රීයකරණය කිරීම යනාදිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින්, සිය පාර්ශ්වකරුවන්ටත් රටටත් උපරිම ප්‍රතිලාභ පිරිනැමීමට පියවර ගෙන ඇත.

මෙම කාලසීමාව තුළ සමූහයේ පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) පෙර වසරට සාපේක්ෂව 9.9% කින් වර්ධනය වෙමින් රු. බිලියන 10.7 ක් බවට වාර්තා වී ඇති අතර, පෙර වසරේ අදාළ කාලසීමාව තුළ 39.4% ක් ලෙස වාර්තා වූ EBITDA ආන්තිකය මෙවර 41% දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම මෙම කාර්තුව තුළ සමූහය රු. බිලියන 3.5 ක බදු-පෙර ලාභයක් වාර්තා කර ඇත.

සමූහයේ පිරිවැටුම වර්ධනය වීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ, ජාතික ෆයිබර්කරණ වැඩසටහන යටතේ ෆයිබර් සම්බන්ධතා ව්‍යප්තිකරණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සහ 4G/LTE ජාලය වැඩිදියුණු කිරීම හා ව්‍යාප්ත කිරීම ඔස්සේ බ්‍රෝඩ්බෑන්ඩ් ආදායම ඉහළ යාමයි. ෆයිබර් සම්බන්ධතා ලබාදීම වේගවත් කිරීම මෙන්ම එහි අලෙවිකරණ කටයුතු පුළුල් කිරීම ඔස්සේ පාරිභෝගික ඉල්ලුම ඉහළ යාම, මෙම මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුවට අදාළ මූල්‍ය ඉලක්ක ළඟා කරගැනීමට මහෝපකාරී විය. එම නිසා ඉහත ව්‍යාපෘති සඳහා සිදුකරන ලද ආයෝජන බෙහෙවින් ඵලදායී වූ බව පැවසිය හැකි වේ. එමෙන්ම ෆයිබර් සම්බන්ධතා පුළුල් කිරීම නිසා PEOTV ආදායමද ඉහළ ගිය අතර, මෙම කාලසීමාව තුළ දේශීය වාහක සේවා (Career Domestic Services) තුළින් ලැබූ ආදායම ද ඉහළ ගොස් ඇත.

“අප බලාපොරොත්තු වූවාට වඩා 2022 මූල්‍ය වර්ෂයේ ප්‍රථම කාර්තුව අභියෝගකාරී එකක් වුණා. එහෙත් සමස්තයක් ලෙස SLT-MOBITEL පෙන්නුම් කර ඇති ක්‍රියාකාරීත්වය මගින් පෙනී යන්නේ, අපට එම අභියෝග වලට මුහුණ දීමට ශක්තිය තිබෙන බවයි. ඉදිරියටත් අපගේ පාර්ශ්වකරුවන්ට උපරිම වටිනාකම් ලබාදෙමින්, රටේ ඩිජිටල් පරතරය පියවීමට දායක වෙමින්, රටටත් ජනතාවටත් ඉහළම සේවාවක් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. විචක්ෂණශීලී මූල්‍ය විනයක් පවත්වා ගැනීම, අපගේ සාර්ථකත්වයට බලපෑ තවත් එක් ප්‍රධානතම හේතුවක් වුණා” යැයි SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසී ය.

සමූහයේ මෙහෙයුම් මුදල් ප්‍රවාහය පෙර වර්ෂයේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 35.3% කින්, එනම් රු. බිලියන 16.3 දක්වා වර්ධනය වී තිබේ. රු. බිලියන 31.6 ක වාසිදායක මුදල් හා මුදල් සමාන වත්කම් තත්ත්වයක් කාර්තුව අවසානයේ සමූහය වාර්තාකර ඇත. එමෙන්ම ප්‍රථම කාර්තුව තුළ ශ්‍රී ලංකා රජයට රු. බිලියන 4.2 ක සෘජු හා වක්‍ර බදු දායකත්වයක් සමූහය ලබා දී ඇත.

“ජාල හා ඩිජිටල් හැකියාවන් ඇතුළුව නවීනතම තාක්ෂණය සඳහා ආයෝජන සිදුකිරීමට අප දිගින් දිගටම කටයුතු කරනවා. එමෙන්ම සමාගමේ පරිවර්තනයක් සිදුකළ හැකි ආකාරයේ නිර්මාණශීලී නිෂ්පාදන හා සේවා අඛණ්ඩව හඳුන්වා දීමටත් අප සූදානම්. යටිතල පහසුකම් සඳහා දැනටමත් සැලකිය යුතු මට්ටමේ ආයෝජන සිදුකර තිබෙන නිසා, නිරතුරුව නවෝත්පාදන සිදුකරමින් පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා” යනුවෙන් SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා පැවසී ය.

සමූහයේ පරිපාලිත සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (SLT PLC) 2022 ප්‍රථම කාර්තුව තුළ රු. බිලියන 4.1 ක බදු-පසු ලාභයක් වාර්තා කර ඇත. කාර්තුව සඳහා පිරිවැටුම රු. බිලියන 15.9ක් වන අතර, පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභය (EBITDA) සහ මෙහෙයුම් ලාභය පිළිවෙළින් රු. බිලියන 6.3 ක් සහ රු. බිලියන 1.1 ක් ලෙස වාර්තා වේ.

“බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන්ට අනුගතවීම, ෆයිබර්කරණය සහ දත්ත සම්ප්රේෂණ පරාස පුළුල් කිරීම වැනි සාධක නිසා අපගේ සේවාවන්ට ඇති ඉල්ලුම ඉහළ යමින් තිබෙනවා. අප බලාපොරොත්තු වන ආකාරයට ව්‍යාපාර කටයුතු සහ ලාභදායීතාවය වර්ධනය කරගැනීමට හැකි පසුබිමක් නිර්මාණය වී තිබෙන්නේ ඒ නිසයි. මගේ කණ්ඩායම සමාගමේ වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර තිබෙනවා. යටිතල පහසුකම් නවීකරණය කරමින් මූලික බ්‍රෝඩ්බෑන්ඩ් සහ ස්ථාවර මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීම අපගේ ඉලක්කයයි. 2022 වසර පුරාම මේ යහපත් ප්‍රවණතාව පවත්වා ගැනීමට අපට හැකියාව ලැබේවි” යැයි SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා පැවසී ය.

සමූහයේ ජංගම දුරකථන සේවා සමාගම වන මොබිටෙල් (පුද්.) සමාගම, තම පිරිවැටුම මීට පෙර පැවති මට්ටමෙහිම පවත්වා ගනිමින්, 2022 පළමු කාර්තුව තුළ රු. බිලියන 11.6 ක පිරිවැටුමක් වාර්තා කිරීමට සමත් වී ඇත. සමාගමේ පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂයවීම්, ක්‍රමක්ෂය ආදියට පෙර ලාභ ආන්තිකය (EBITDA) සහ මෙහෙයුම් ලාභ ආන්තිකය පිළිවෙළින් 38.9% සහ 19.3% වශයෙන් ධනාත්මක ලෙස පවතින අතර, විදේශ විනිමය හුවමාරු අලාභ සමාගමට අහිතකර ලෙස බලපෑම නිසා කාර්තුව තුළ රු. බිලියන 0.8 ක ශුද්ධ අලාභයක් වාර්තා වී තිබේ.

“මේ අනපේක්ෂිත තත්ත්වයන් හමුවේ පවා, සන්නිවේදනය සරල කිරීම සම්බන්ධයෙන් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අපට හැකියාව තිබෙනවා. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රවර්ධකයා වශයෙන්, විවිධාකාර වූ වෙළඳපොළ කාණ්ඩ ආවරණය වන පරිදි ඩිජිටල් තාක්ෂණයෙන් පන්නරය ලැබූ නවීනතම විසඳුම් හඳුන්වා දෙමින්, පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට තලයේ අත්දැකීමක් ලබාදීම අපගේ ඉලක්කයයි” යනුවෙන් MOBITEL ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා පැවසී ය.

ආර්ථිකය මන්දගාමී වීම මෙන්ම, වියදම් ඉහළ යාම, උද්ධමනය, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, සහ අත්‍යවශ්‍ය උපකරණ ආනයනය ප්‍රමාද වීම වැනි හේතු නිසා මෙහෙයුම් වාතාවරණය අභියෝගකාරී වී තිබේ. එම තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ප්‍රධාන ක්‍රමෝපාය කිහිපයක් ක්‍රියාවට නැංවීමට SLT සමූහය බලාපොරොත්තු වෙයි. කණ්ඩායම් මට්ටමින් යටිතල පහසුකම් ඒකාබද්ධ කිරීම, වඩාත් කාර්යක්ෂම ලෙස රාජකාරි කළ හැකි ආකාරයට ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම, නිවසේ සිට වැඩ කිරීම දිරිමත් කිරීම, සියලුම පාරිභෝගික කොටස් සඳහා අගය එකතු කළ සේවා හඳුන්වා දීම සහ වඩාත් තිරසාර ව්‍යාපාර ආකෘතියක් තුළින් දීර්ඝකාලීන මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට අවශ්‍ය පියවර ගැනීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

පිටපත – PR

 

Post Views: 2
Previous Post

ZTE Blade A5 2020 ස්මාර්ට් දුරකථන මාදිලිය දැන් සිංගර් අලෙවිසැල් වෙතින්

Next Post

කැබිනට් මණ්ඩලයට නව ඇමැතිවරු දිවුරුම් දෙති

editor

editor

Next Post

කැබිනට් මණ්ඩලයට නව ඇමැතිවරු දිවුරුම් දෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

පොහොසත් වෙන්න ඕනෙද? එහෙනම් මෙහෙම කරන්න

11 July 2025
ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

ඇඟලුම් ක්ෂේත්‍රයේ ඍජු රැකියා 350,000ක් අවදානමක ?

11 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආයෙත් වරාය BLOCK වෙයි ද?

ආයෙත් වරාය BLOCK වෙයි ද?

11 July 2025
Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට සුබ ආරංචියක් !

11 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved