ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඊයේ (17) දින අඩුවිමත් සමඟ අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩුකල යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.
කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ යාමේදී බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කරන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවධානය ගාස්තු පහළ දැමීමට යොමු නොවීම කණගාටුදායක තත්ත්වයක් බව එම සංගමය අවධාරණය කලේය.