• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් අවධානම යළි ඉහළ හෙයින් කඩිනමින් එන්නත්කරණයට යොමු වන්න – ජනපති

2 August 2022
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් අවධානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා අද (02) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් එම උපදෙස් නියමාකාරයෙන් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් රට තුළ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියට ඉඩ නොතැබිය යුතු බවත් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා කොවිඩ් සහ මන්කි ෆොක්ස් වසංගත තත්ත්වය සම්බන්ධව සිදු කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

“කොවිඩ් -19 රෝගීන් හා මරණ සංඛ්‍යාව යළිත් වැඩි වෙනවා. අප්‍රේල් මාසයේ කොවිඩ් රෝගීන් 1731ක් වාර්තා වුණා. කොවිඩ් මරණ 26ක් සිදු වුණා. එම තත්ත්වය මැයි මාසයේ දී රෝගීන් 472කට අඩු වුණා. මරණ වාර්තා වුණේ 13යි. ජුනි මාසයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 283යි. මරණ 3යි. නමුත් ජූලි මාසයේ කොවිඩ් රෝගීන් 1616ක් දක්වා වැඩි වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 35ක්. මේ මරණ 35න් 28 ක් සිදු වුණේ ජූලි 18 වෙනිදායින් පසුවයි. මේ දෙස බැලූ විට තවත් එක කරුණක් පෙනෙනවා. ඒ කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීම කළ යුතු බවයි.

පළමු වටයේ දී මිලියන 17ක් එන්නත ලබාගත්තා. දෙවන වටයේ දී එය මිලියන 14කට අඩු වුණා. තුන්වෙනි වටයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන්නේ මිලියන 8යි. 4වන වටයේ දී එන්නත ලබාගෙන තිබෙන්නේ පුද්ගලයන් 22,623 දෙනෙක් පමණයි. තුන්වෙනි වතාවෙත්, 4වන වතාවෙත් එන්නත ගත් ප්‍රමාණය විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අඩුවෙලා තිබෙනවා. ඒ නිසා එන්නත්කරණය සඳහා ජනතාව නැවත යොමු කළ යුතුයි.

ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනුව සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය “මන්කි ෆොක්ස්” වසංගතය පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙනවා. දැනට එය ලංකාවට පැමිණිලා නැහැ. ලංකාවට එම රෝගය පැමිණීම වැළැක්වීමට පළමුවන පියවර ගෙන තිබෙනවා. අවශ්‍ය වුණොත් ප්‍රතිකාර ලබාදෙන්න සැලසුම් සකස් කරගෙන යනවා. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය ගැන හිතලා ක්‍රියා කරන්න. මේ රට තුළ යළිත් කොවිඩ් වසංගතයට අවස්ථාවක් දෙන්න එපා කියා සියලු පාර්ශ්වයන්ගෙන් මම ඉල්ලා සිටිනවා”.යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13
Previous Post

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සමන් රත්නප්‍රිය පත් කෙරේ

Next Post

චෝදනාවලින් නිදොස් වු නිමල් යළි ඇමැති පුටුවට

editor

editor

Next Post

චෝදනාවලින් නිදොස් වු නිමල් යළි ඇමැති පුටුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

14 September 2026
සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

14 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved