• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් ජනාධිපතිතුමා මේ රට ගොඩනගන්න බාරගත්තා… එයාට සහාය වෙමු – මන්ත්‍රී රෝහිත

4 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රට ගොඩනගන්න බාරගත්තා අතර ඔහුට සහාය දීම සියළු දෙනාගේ යුතුකම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද( 04) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එසේම අර්බුදවලින් තොර ශක්තිමත් රටක් ගොඩනැගීම උදෙසා එක් වන්නයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු පක්ෂවලට ආරාධනා කරන බව හෙතෙම පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ” පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරි පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉතා වැදගත් කරුණු රාශියක් එතුමා විසින් රටට ඉදිරිපත් කළා. රට ආර්ථික වශයෙන් ඉතාමත් අසරණ තත්වයකට පත්වෙලා ඉන්න අවස්ථාවක තමයි ජනාධිපතිතුමා මෙම ප්‍රකාශය ඉදිරිපත් කළේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 අතරින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134 දෙනෙක්ගේ බහුතර ඡන්දයෙන් එතුමා මේ රටේ ජනාධිපති ධුරයට පත් වුණා.ජනාධිපති ධූරය ලබා ගෙන පාර්ලිමේන්තුවේ දී මේ කළ ප්‍රකාශයේ කරුණු වල දී එතුමා ඉදිරිපත් කළ වැදගත් කාරණයක් ගැන අපි මතක් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් කර ගැනීමට විශාල සහයෝගයක් ලබා දුන්නා.
එදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කළා.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත්වීමෙන් පසු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ හැටියට අපේ පක්ෂය හැටියට අපි වත්මන් ජනාධිපතිතුමාට අපේ පක්ෂයේ සහයෝගය ලබා දෙන්න අවශ්‍ය පියවර ගත්තා.

ජනාධිපතිවරයා හැටියට සිදු කළ ප්‍රකාශයේ දී එතුමා” අපි හැමෝම එකතුවෙමු ,එහෙම වුනොත් අපිට මේ රට ගොඩනගන්න පුළුවන්,අපි වෙන් වුනොත් අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ.” යන්න ප්‍රකාශ කළා.
සාමාන්‍යයෙන් ජනාධිපති මැතිවරණ යක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා බලයට ආවට පස්සේ එහෙම නෙවෙයි කියන්නේ.අපි ඡන්දය ජයග්‍රහණය කළා. අපි ඉදිරියට ආණ්ඩුව කරගෙන යනවා. කියන එක තමයි එතකොට ප්‍රකාශ කරන්නේ.

225 න් 134 ක් පමණක් එතුමාට පක්ෂව ඡන්දය ලබා දුන්නත් එතුමා ප්‍රකාශ කළේ මම පාර්ලිමේන්තුවෙ සියලු දෙනා එකතු කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න කැමති කියන එකයි. හැම කෙනෙකුටම ආරාධනා කරල තියෙන්නෙ. හැම පක්ෂයකටම ආරාධනා කරල තියෙන්නෙ. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න එකතු වෙන්න. දැන් මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනවා. සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි. පළමුවෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉන්න සියලුම පක්ෂ නායකයෝ සමග සාකච්ඡාව ආරම්භ කලා. මේ වන විට අනෙක් සියලු දෙනාත් එක්ක සාකච්ඡා කෙරෙනවා. එය මේ සතිය ඇතුලත අවසන් කරන්න කටයුතු සූදානම්. ඒ වගේම තමයි එතුමා බොහොම පැහැදිලි ලෙස පෙන්නනවා ඉතිරි වසර 25 තුළ ආර්ථික වශයෙන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව.

ආර්ථිකය ඉදිරියට ශක්තිමත් වෙන්න මෙවැනි ආර්ථික කඩාවැටීමක් නොවෙන්න වසර 25 ක සැළැස්මක් සැලැස්මක් තමයි මේ ඉදිරිපත් කෙරෙන්නේ.මේ වැඩපිළිවෙළ යටතේ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න වගේම රාජ්‍යය යාන්ත්‍රණය සම්බන්ධව ජනතාවගේ අපේක්ෂාව නැවත ගොඩනැගිය යුතුයි. ඒ වගේම ඉන්ධන ගෑස් පෝලිම් නවත්වන්න පවතින අර්බුදවලට විසඳුම් සොයන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි.අපි පක්ෂයක් හැටියට ලංකා පොදුජන පෙරමුණ වශයෙන් ජනාධිපතිතුමාටත් රජයටත් සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඕනමනම කෙනෙකුට සාමකාමී අරගල කරන්න අයිතියක්තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනාධිපති විවේචනය කරන්න පුළුවන්.රජය විවේචනය කරන්නත් පුළුවන්. කැබිනට් මණ්ඩලයත් විවේචනය කරන්න පුළුවන්. හැබැයි එය සාමකාමී විය යුතුයි.එතුමාගේ වතාවේ එතුමා බොහොම පැහැදිලිව කියනවා ප්‍රචණ්ඩත්වයට සහ ත්‍රස්තවාදයට විරුද්ධයි කියන දේ . අප එය අගය කරනවා මේ රටේ පුරවැසියෙකුට සංවිධානයකට පක්ෂයකට හෝ යම් ආණ්ඩුවක් වෙනත් මත දරන කෙනෙකු ඉවත් කරන්න ඕන නම් ඒකට තමයි තමන්ගෙ පරමාධිපත්‍යය අයිතිය තියෙන්නේ. ඕනම ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් මන්ත්‍රීවරු වෙනස් කරන්න පුළුවන් ප්‍රාදේශ සභා පළාත් සභා වෙනස් කර කරන්න පුළුවන් තමන්ගෙ ඡන්දයෙන්. ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රචණ්ඩත්වයෙන් යටපත් කරනවා නම් ඒක එල්ටීටීඊ සංවිධානයට සමානයි. 1971 88 89 මෙන්න මේ කාල වකවානු වගේ ප්‍රචණ්ඩත්වය තුළින් රටක් ගොඩනගන්න බැහැ.මේ අභියෝගාත්මක වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට ගොඩනගන්න බාරගත්තා. මේ රටේ කටයුතු නියෝජනය කරන සියලුම පක්ෂ එතුමාට සහයෝගය දීලා මේ රට ගොඩනගන්න ඕන. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න අපනයන ක්ෂේත්‍රයේ ශක්තිමත් කරන්න විදේශ රැකියාවල ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් ටික බැංකුව හරහා එවන්න සංචිත වැඩි වෙලා විදේශ ශක්තිමත් කරගන්න පුලුවන් තත්වෙකට රට ගෙන්න පියවර ගත යුතුයි.

‍අද අප මුහුණ දී තිබෙන ගැටළුවලට පිළිතුර වන්නේ අන්න ඒකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට පටු දේශපාලනයෙන් ඉවතට ගිහිල්ලා පැහැදිලිව රට රැක ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිනවා.
අපි පක්ෂයක් හැටියට කැපකිරීම් ගොඩක් කරල තියෙනවා.හැට නව ලක්ෂයක් ජනතාව එක කඳවුරකට ගේන්න පුළුවන් පුළුවන් වුණු එකම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි. ඒ වගේම එම පක්ෂය ඉතා ළාබාල පක්ෂයක්. රටේ පළාත් පාලන ආයතන වලින් 85% ක ජනතා වරමක් ලබා දීපු පක්ෂය. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයකට ජනතාව වරම් දීපු පක්ෂය.පක්ෂයක් ලෙස අප ජනතාවට ඇහුම්කම් දෙන්න ඕන.ඒ වගේම මේ රටේ ජනතාව සහ රට ආරක්ෂා කර ගැනීමේ වගකීම අපට තියෙනවා. ජනාධිපතිතුමා මේ ගෙනියන වැඩපිළිවෙලට සහාය දෙන්න බලාපොරොත්තු වෙනවා. අනෙක් පක්ෂවලටත් අප ආරාධනා කරනවා .
පක්ෂ වශයෙන් අපි අතර බෙදීම් විවේචන තිබුණා වෙනත් මතයක් තිබුණා නමුත් දැන් රටේ බුද්ධිමත් ජනතාව සහ ජාත්‍යන්තරය අපට කියන්නේ ඔබ සියලු දේනා එක් විය යුතු කාලය එළැඹ ඇති බවයි. එහෙම එකතු වෙලා හොඳ ශක්තිමත් රටක් හදලා ඉදිරි අනාගතය සුබවාදී තත්ත්වයකට ගෙන එන්න අපට හැකියාව ලැබෙයි. යැයි මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් හා අනුර අතර හමුවක්

Next Post

ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

editor

editor

Next Post

ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved