27 April 2024
#දේශීය

ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊයේ (04) මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවිය.

එහිදී මෙරට වත්මන් ආර්ථික, දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ගැන සාකච්ඡා කළේය.

ඉතා දුෂ්කර කාලසීමාවකදී වුවද ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් විශේෂ ඇගැයීමකට ලක් කරනු ලැබූ අතර ශ්‍රී ලංකා පොලිස් සේවය නගා සිටුවීමට සිය සහයෝගය ලබාදෙන බවද මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතාට එහිදී පැවැසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *