• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

ලාංකීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනයට ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණයට සැලසුම් – ඇමැති බන්දුල

11 August 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලාංකීය සිනමා කර්මාන්තය හා චිත්‍රපට සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන පරිදි ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණය කිරීමේ හා ජාතික සිනමා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඒ, ඊයේ (10) දින ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා පත්වීමත් සමග චිත්‍රපට කර්මාන්තයේ ප්‍රගමනයට ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්, කලාකරුවන්, ආයෝජකයින් හා අදාළ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීමේ පුරුද්ද තරුණ පරපුර වෙතින් ගිළිහී යමින් ඇති මෙම කාලයේ ජනතාව ආශක්ත වන නව සිනමා සංස්කෘතියක් රට තුළ ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි. සිනමාව කලාවක් මෙන්ම කර්මාන්තයක් ලෙසද ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන පරිදි මෙම ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා, “ සුද්දිලාගේ කතාව” චිත්‍රපටයෙන් ආරම්භ වී “ද නිවුස්පේපර්” චිත්‍රපටය දක්වා චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රය ඔස්සේ ලාංකීය සිනමා කර්මාන්තයට සෘජුවම සම්බන්ධ පුද්ගලයකු වශයෙන් අද මෙම සාකච්ඡාවට සහභාගි වීම සතුටක් ලෙස සලකනවා. චිත්‍රපට කලාව හා කර්මාන්තය නඟා සිටුවීමට මෙම අවස්ථාවට එක්ව සිටින සියලු නිෂ්පාදකයින්ගේ, කලාකරුවන්ගේ හා විද්වතුන්ගේ අදහස් හා යෝජනා මම බලාපොරොත්තු වෙනවා. මෙම දියුණුව උදෙසා මා හඳුනාගත් මූලික සැලසුම් කීපයක් තිබෙනවා. එකක් තමයි සිනමා ශාලා සංඛ්‍යාව වැඩි කිරීම. පළාත් පාලන ආයතන මට්ටමින් සිනමා ශාලා ඇති කිරීමට එම අමාත්‍යවරයා හා සාකච්ඡා කර වැඩපිළිවෙලක් සැකසීමට මා කටයුතු කරනවා. ඒ වගේම බටහිර රටවල පවා ජනප්‍රිය “Wheel Cinema” එනම් ජංගම වාහනයක් උපයෝගී කරගෙන සිනමා ප්‍රදර්ශනය යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සිනමාව තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය කිරීමට ඉවහල් වනු ඇති. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙර කාලයේ මෙම සංකල්පය ක්‍රියාත්මක කළා. එය වඩාත් නව්‍යකරණය කර ක්‍රියාත්මක කළ හැකියි. අප හඳුනාගත් තවත් අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව නියාමන කොමිසමක් ලෙස ක්‍රියා කරන ආකාරයට කටයුතු සැලසීමයි. පෞද්ගලික අංශය දිරිගන්වමින් අවශ්‍ය පහසුකම් හා නියාමනය සලසන ආයතනයක් ලෙස එය ක්‍රියා කළ යුතුයි. නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතාගේ පාලනය යටතේ මේ සඳහා හොඳින් කටයුතු කළ හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ වගේම වසර දෙකකින් පමණ පැවැත්විය නොහැකි වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට අදහස් කරනවා. චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා වන නව ක්‍රියාමාර්ග සම්බන්ධව චිත්‍රපට නිෂ්පාකයින් හා ශාලා හිමියන් සමග තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ”

නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේ මෙම කාලය සිනමා කර්මාන්තයට ඉතාමත් අභියෝගාත්මක කාලයක් බවයි. නමුත් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවබෝධාත්මක මැදිහත්වීම හා සියලු සම්බන්ධිත පාර්ශ්වයන්ගේ දායකත්වය මත වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙම අභියෝග ජයගනිමින් සිනමා ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර ගත හැකි බව සභාපතිවරයා අවධාරණය කළේය.

සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත්වීම මත, ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතාගේ මූලිකත්වය ඇති කමිටුව සම්පාදනය කළ සිනමා ජාතික ප්‍රතිපත්තිය මෙහිදී අමාත්‍යවරයා වෙත භාරදුන් අතර, ජනාධිපතිවරයා වෙත එම ලේඛනය පිළිගැන්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරගන්නා ලදී. ක්ෂේත්‍රයට අදාළ විද්වතුන් හා ආයෝජකයින්ද සමග සාකච්ඡා කර වඩාත් සාධනීය ලෙස එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කර ගැනීමද මෙහිදී සිදු විය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ප්‍රවීණ රූපණවේදිනී ගීතා කුමාරසිංහ මහත්මියද, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා ප්‍රධාන අමාත්‍යාංශ නිලධාරීන්ද, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද, බුද්ධි කීර්තිසේන, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ආරියරත්න ඇතුගල, ප්‍රවීණ රූපණවේදිනී ශ්‍රියානි අමරසේන වැනි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ද සිනමා නිෂ්පාදකයින් හා සිනමා ශාලා හිමියන්ද ඇතුලු ක්ෂේත්‍රයට සම්බන්ධිත පාර්ශ්වයන් නියෝජනය කරමින් විද්වත්හු රැසක් එක්ව සිටියහ.

 

Post Views: 2
Previous Post

දේශපාලනික මුහුණුවරක් නොදී සියළු දෙනා එකට වැඩ කල යුතුයි – මන්ත්‍රී ශෙහාන්

Next Post

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කරනවා – ජනපති

editor

editor

Next Post

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025

Recent News

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved