ප්‍රධාන පෙළේ කමිටු රැසක සභාපතිධුර ගණනාවක් විපක්ෂයට සහ සමගි ජන බලවේගය ට හිමිවීමට නියමිත බවට වාර්තා වන බවත් එය ඉතා සාධනීය තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (15) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡාවකදිය.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දරුණුතම අර්බුදයන්ට විසඳුම් සෙවීමේ අරමුණ පෙරදැරි කරගෙන නුතනවාදී ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා මහජනතාව විසින් ඉල්ලා සිටිනු ලබන සමාජ පරිවර්තනය උදෙසා එකඟතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ සඳහා වූ ජාතික වැඩපිළිවෙළ ස්ථාපිත කර ඇති අතර ඊට අනුබද්ධව මෙම සාකච්ඡාව පැවැත්විණ.
ඒ අනුව,අදාළ කමිටු සියල්ල සියල්ලෙහිම පාහේ සභාපති ධූර විපක්ෂය වෙත ලබා දීමට කටයුතු ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩුවට යෝජනා කරන බව පැවසූ විපක්ෂ නායකවරයා රට ගොඩනැගීමට සහ රටට සේවය කිරීමට ඇමැති තනතුරු අවශ්‍ය නොවන බවද කීය. ඒ වෙනුවට සාධනීය සේවයක් කිරීමට කමිටු ඉවහල් කර ගන්නා බවද පැවසීය.
මෙම අවස්ථාවට දේශපාලනඥයින්, ජනතාවාදී බුද්ධි මණ්ඩපය, ජාතික විද්වත් සභාව ඇතුලත්ව අධ්‍යාපනඥයින්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, වෘත්තීයවේදීන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.